මේ සතියේ පසලොස්වක පොහොය දා එනම් සදුදා (ජනවාරි 17) දින ගනු ලැබූ මේ ඡායාරූපයෙන් ඉර බැසයන සන්ධ්‍යාවක, රාත්‍රිය උදාවන මොහොතේ අහස්කුස රත් පැහැ ගන්වමින් දිස්වන චන්ද්‍රයා හා ඒ පසුබිමින් අපූරු රටා මවමින් විශාල කණ්ඩායම් ලෙස පියාසලන Starling නම් කුරුල්ලන් රංචුවක දර්ශනයක් පෙන්නුම් කරයි. අප ජීවිතයේ එදිනෙදා දකින් සමහර වස්තූන් හා ජීවීන්ගේ හැඩරුවට සමාන ආකාරයෙන් දිස්වන, ස්වභාදහම විසින් මිනිසුන්ගේ ක්‍රියාවන්ගෙන් සිදුවන බලපෑම්වලින් තොරව අහඹු ලෙස පරිසරයේ මවන අපූර්ව හැඩ හා රටාවන් "Pareidolia" යන නමින් හදුන්වයි. මේ ඡායාරූපයෙන් ද එවැනි "Pareidolia" සංසිද්ධීන්ට උදාහරණ සපයමින් චන්ද්‍රයාගේ දිස්වන හාවෙකුට සමාන රූපයත්, කුරුල්ලන් රංචුව විසින් නැට්ටුක්කාරයෙකුට සමාන හැඩයක් නිර්මාණය කරමින් මවනා අපූර්ව රටාවන්ද දැක ගැනීමට හැකිය. ඉතාලියට අයත් දූපතක් වන "Sardinia" හි අගනගරය වන "Cagliari" නගරය පිහිටි ප්‍රදේශයකදී කැමරා කාචයට හසුකරගනු ලැබූ මෙම ඡායාරූපය සොබාදහමේ ඇති අපූර්වයත්වය මැනවින් පිළිබිඹු කරනා අවස්ථාවකට කදිම නිදසුනක් සපයයි.
Starling Birds
Pareidolia