🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 29 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    තාරකා විද්‍යාඥයන් විසින් මේ තාක් සිදුකළ ගවේශනයන් තුළින් සොයාගත් මණ්දාකිණි අතරින් බහුතරයක් ම පිහිටා තිබෙන්නේ විශ්වයේ මේ තාක් ගවේශනය කිරීමට සමත් වුණු සීමාවේ ( observable universe) දකුණු දෙසට වන්නට පවතින ප්‍රදේශය තුළ ඇති තාරකා රාශි තුළය. මෙම මණ්දාකිනි අතරින් බහුතරයක් "Fornax Cluster" නමින් හදුන්වන මණ්දාකිනි පොකුරකට අයත් වන අතර එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 60 ක පමණ දුරකින් පිහිටා තිබේ. පෘථිවියට ආසන්නයෙන්ම පිහිටා ඇති ඇන්ඩ්‍රොමීඩා (Andromeda)මණ්දාකිණියට පෘථිවියේ සිට ඇති දුර (ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණියට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ මිලියන 2.537 කි) මෙන් 20 ගුණයක් දුරින් පිහිටා ඇති මෙම "Fornax" මණ්දාකිනි පොකුර "Virgo" නමින් හදුන්වන දැවැන්ත මණ්දාකිනි (virgo මණ්දාකිනි පොකුර ට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ මිලියන 65.23 කි) පොකුරට වඩා 10% දුරක් ඔබ්බට වන්නට පිහිටා ඇත. මෙම මණ්දාකිනි පොකුරේ පවතින මණ්දාකිනි අතුරින් ඡායාරූපයේ ඉහළ වම්පස කෙළවරට වන්නට පිහිටා ඇති "NGC 1399" ( Fornax තාරකා රාශිය) හා "NGC 1404" (Eridanus තාරකා රාශිය) යන සර්පිල මණ්දාකිනි ද්විත්වයත්, ඡායාරූපයේ පහළ කෙළවරේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති, විශාලව දිස්වන "NGC 1365"( Fornax තාරකා රාශිය) නම් සර්පිල මණ්දාකිනියත් සුවිශේෂී බවක් උසුලයි.


    FornaxC1_FB.jpg




    Fornax Cluster





    NGC 1399

    NGC 1404

    NGC 1365
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විශ්වය ඇති උනේ මෙහෙමයි කියල මොකක් හරි තියරියක් ඔප්පු කරල තියනවද
    දැනට නම් හැමෝම වගේ පිළිගන්නේ Big Bang Theory එකනේ. ඊට අමතරව තව theories තියෙනවා. මේක බලන්නකෝ. :yes:

    The Origin of the Universe

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විශ්වයේ දකුනු පැත්ත කිවන එක පැහැදිලි නෑ. ඒ මොකට සාපේක්ෂවද?
    මේ තාක් විද්‍යාඥයෝ ගවේෂණය කරපු සම්පූර්ණ ප්‍රදේශය, ඒ කියන්නේ " observable universe" එකේ සීමාව අනුව සාපේක්ශව බැලුවොත් පෙන්වන දිසාව අනුව කියන එක මේකෙන් අදහස් කරේ.

    Observable universe

    1200px-Observable_Universe_with_Measurements_01.png
     
    • Like
    Reactions: u_make_me_sick_

    Similar threads