තාරකා විද්‍යාඥයන් විසින් මේ තාක් සිදුකළ ගවේශනයන් තුළින් සොයාගත් මණ්දාකිණි අතරින් බහුතරයක් ම පිහිටා තිබෙන්නේ විශ්වයේ මේ තාක් ගවේශනය කිරීමට සමත් වුණු සීමාවේ ( observable universe) දකුණු දෙසට වන්නට පවතින ප්‍රදේශය තුළ ඇති තාරකා රාශි තුළය. මෙම මණ්දාකිනි අතරින් බහුතරයක් "Fornax Cluster" නමින් හදුන්වන මණ්දාකිනි පොකුරකට අයත් වන අතර එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 60 ක පමණ දුරකින් පිහිටා තිබේ. පෘථිවියට ආසන්නයෙන්ම පිහිටා ඇති ඇන්ඩ්‍රොමීඩා (Andromeda)මණ්දාකිණියට පෘථිවියේ සිට ඇති දුර (ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණියට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ මිලියන 2.537 කි) මෙන් 20 ගුණයක් දුරින් පිහිටා ඇති මෙම "Fornax" මණ්දාකිනි පොකුර "Virgo" නමින් හදුන්වන දැවැන්ත මණ්දාකිනි (virgo මණ්දාකිනි පොකුර ට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ මිලියන 65.23 කි) පොකුරට වඩා 10% දුරක් ඔබ්බට වන්නට පිහිටා ඇත. මෙම මණ්දාකිනි පොකුරේ පවතින මණ්දාකිනි අතුරින් ඡායාරූපයේ ඉහළ වම්පස කෙළවරට වන්නට පිහිටා ඇති "NGC 1399" ( Fornax තාරකා රාශිය) හා "NGC 1404" (Eridanus තාරකා රාශිය) යන සර්පිල මණ්දාකිනි ද්විත්වයත්, ඡායාරූපයේ පහළ කෙළවරේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති, විශාලව දිස්වන "NGC 1365"( Fornax තාරකා රාශිය) නම් සර්පිල මණ්දාකිනියත් සුවිශේෂී බවක් උසුලයි.
Fornax Cluster
NGC 1399
NGC 1404
NGC 1365
Last edited:
