ක්‍රියාකාරී මන්දාකිණියක් (active galaxy) ලෙස සැලකෙන '3C 75' හි මධ්‍යයයේ දිස්වන මෙම අපූර්ව සංසිද්ධිය කුමක්දැයි ඔබ දන්නවාද? මෙහි දැක්වෙන x-කිරණ (නිල් පහැයෙන් දැක්වේ) හා රේඩියෝ මාධ්‍යයයන් (රෝස පැහැයෙන් දැක්වේ) යොදාගෙන නිර්මාණය කරන ලද සංයුක්ත ඡායාරූපයෙන් '3C 75' මධ්‍යයයේ පිහිටි සම-කක්ෂයක භ්‍රමණය වෙමින් පවතින දැවැන්ත කළු කුහරයන් (supermassive black holes) ද්විත්වයකින් සැදුම්ලත් ද්විමය කළු කුහර පද්ධතියක් (supermassive black hole binary system) නිරූපණය වන අතර මෙහි උත්පාදනය වන දැවැන්ත රේඩියෝ තරංග ප්රභවය සදහා බලය සැපයීම ද මෙම ද්විමය කළු කුහර පද්ධතිය මගින් සිදු කරනු ලබයි. සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන ගණනක උෂ්ණත්වයකින් යුක්ත වන x-කිරණ විමෝචනයන් සිදුකරන වායූන් මගින් වටවී තිබෙන, සාපේක්ෂතාශ්‍රිත අංශූන් (relativistic particles) සීඝ්‍ර වශයෙන් ඉවතට මුදාහරින මෙම දැවැන්ත කළු කුහරයන් (supermassive black holes) ද්විත්වය වෙන්ව පවතින්නේ ආලෝක වර්ෂ 25000 ක පමණ පරතරයකිනි.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 300 ක් ඈතින් පිහිටා තිබෙන 'Abell 400' නම් මන්දාකිණි පොකුරෙහි (galaxy cluster) ඇති ඒකාබද්ධ වෙමින් පවතින මන්දාකිණි ද්විත්වයක හරයන් (cores) මෙම කළු කුහරයන්ට වාසස්ථානයන් සපයන අතර මෙම කළුකුහරයන්, ද්විමය පද්ධතියෙහි පවතින ගුරුත්වාකරෂණය මගින් එකට බැදී පැවතීමට හා එහි පවතින ස්ථාවර නොවෙනස් වන ස්වරූපය සදහා මෙම කළු කුහර ද්විත්වයටම පොදුවූ චලනයත් සමග උණුසුම් පොකුරු වායූන් (hot cluster gas) අතරින් තත්පරයට කිලෝමීටර 1200 ක පමණ වේගයෙන් මෙම කළු කුහර ගමන් කිරීම හේතු වී ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මේ ආකාරයේ විචිත්‍රවත් විශ්වීය ඒකාබද්ධවීම් (cosmic mergers) විශ්වයේ ඈතින් වන්නට පිහිටා තිබෙන මන්දාකිණි පොකුරු තුළ නිරන්තරයෙන් සිදුවන සංසිද්ධින් ලෙස සලකන අතර මන්දාකිණියන්'හි සිදුවන ඒකාබද්ධ වීම් එහි අවසාන අදියරට අවතීර්ණ වීමත් සමග ගුරුත්වාකර්ෂණ තරංගයන්'හි තීව්ර මූලාශ්‍ර බවට මෙම මන්දාකිණි පත් වීමද සිදුවේ.
Image Credit: X-Ray: NASA/CXC/D. Hudson, T. Reiprich et al. (AIfA); Radio: NRAO/VLA/ NRL
3C 75 (binary black hole system)
Binary black hole