🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 18 - James Webb, හබල් හා 'Subaru' දුරේක්ෂයන්ගේ සං‍යෝජනයෙන් දුටු "Stephan's Quintet" මන්දාකිණි සමූහය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290 ක් ඈතින්, "Pegasus" නම් තාරකා රාශියේ පිහිටා තිබෙන, මන්දාකිණි පහකින් සමන්විත වන "Stephan's Quintet" නමින් හදුන්වන සං‍යුක්ත මන්දාකිණි සමූහයේ (compact galaxy group) ලබාගත් සුවිශේෂී ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය වශයෙන් තෝරා ගෙන තිබේ. පසුගියදා නාසා ආයතනය මගින් එළි දැක්වූ "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය" (James Webb Space Telescope) මගින් ලබාගත් ඡායාරූප ගොන්නට ද මෙම "Stephan's Quintet" මන්දාකිණි සමූහයේ ලබාගත් ඡායාරූපයක් ද එක්ව තිබුණි. ඊට සමාන වූ ඡායාරූපයක් පහත දැක්වෙන නමුත් මෙම ඡායාරූපයේ පවතින විශේෂත්වය වන්නේ, පසුගියදා "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය" මගින් ලබාගත් "Stephan's Quintet" මන්දාකිණි සමූහයේ ඡායාරූපයේත්, හබල් දුරේක්ෂය (Hubble Space Telescope) හා ජපානයට අයත්, හවායි පිහිටා ඇති අභ්‍යවකාශ නිරීක්ශනාගාරයෙහි වූ "Subaru" දුරේක්ෂය (Subaru telescope) මගිනුත් "Stephan's Quintet" මන්දාකිණි සමූහයේ ලබාගත් ඡායාරූපයන්ගේ දත්තත් යොදාගෙන එම ඡායාරූප එකිනෙකට සං‍යෝජනය කිරීම මගින් පහත දැක්වෙන ඡායාරූපය නිර්මාණය කර තිබීමයි.

    "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයේ, හබල් දුරේක්ෂයට වඩා විශාල දර්පණයකින් යුක්ත වන අතර, අධෝරක්ත කිරණ මාධ්‍යයයේදී (infrared light), එනම් තැඹිලි වර්ණයෙන් යුතු ආලෝකය දක්වා හසුකර ගැනීම සදහා වැඩි හැකියාවක් පවතී. නමුත් හබල් දුරේක්ෂය, "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයේ දර්පණයට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ දර්පණයකින් යුක්ත වන අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය තරම් අධෝරක්ත කිරණ ආලෝකය හසුකර ගැනීමේ හැකියාවක් නොපැවතුන ද, "James Webb" ට වඩා හබල් දුරේක්ෂයට නිල් ආලෝකය හා පාරජම්බුල කිරණ ආලෝකය හසුකර ගැනීමේ විශේෂ හැකියාවක් පවතී. මේ හේතුවෙන් "James Webb" හා හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපයන්ගේ දත්ත සං‍යෝජනය කිරීම මගින් විශාල වර්ණ පරාසයකින් යුක්ත වූ ඡායාරූපයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතී.



    Image Credit: Webb, Hubble, Subaru; NASA, ESA, CSA, NOAJ, STScI; Processing & Copyright: Robert Gendler

    Quintet_JwstHstEtcGendler_2413.jpg





    Stephan's Quintet

    NASA’s Webb Sheds Light on Galaxy Evolution, Black Holes




     

    Similar threads