🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 03 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    ජනවාරි 29 වන දින ලබාගෙන ඇති මෙම ඡායාරූපයන් ද්විත්වයෙන් චන්ද්‍රයා (දකුණු පසින් ඇති) හා සිකුරු ග්‍රහයා (වම් පසින්) මත සූර්යයාලෝකය පතිත වී ඒවායේ පෘෂ්ටයන්ගෙන් 12% ක් වන ප්‍රමාණයක ආලෝකය පරාවර්තනය වී දිස්වන අයුරු දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. සිකුරු ග්‍රහයා යනු රාත්‍රී ආකාශයේ දීප්තිමත්ව ම දිස්වන ග්‍රහයා වුවත් මෙදින ලබාගත් මෙම ඡායාරූපයන්වලට සාපේක්ශ්ව බැලූ විට එය සඳෙහි පෙනෙන ප්‍රමාණයෙන් 1/30 පංගුවක පමණ අගයක් ගනී. කුඩා දුරේක්ශයන් භාවිතා කර එකෙනෙකට වෙනස් විශාලනයන් උපයෝගි කරගෙන ගනු ලැබූ මෙම ඡායාරූප, මෙම ආකාශ වස්තූන් (පෘථිවියේ සිට නිරීක්ශනය කරන්නෙකුට) ගිනිකොනදිග ක්ෂිතිජයට වන්නට දිස්වන ආකාරය පෙන්නුම් කරයි..


    VenusMoonSamePhase.jpg

     

    Similar threads