වසර කීපයකට පෙර කැමරා කාචයට හසුකර ගැනීමට සමත් වූ මෙම අපූරු ඡායාරූපයෙන් රාත්‍රී අහසේ විවිධ වර්ණයන්ගෙන් දිස්වුනු අපූරු "අවුරෝරා" (Aurora) ආලෝක රටාවන් මුළු පරිසරයම ඒකාලෝක කරමින් දිස්වන ආකාරය නිරූපණය වේ. ඇමරිකාවේ Yellowstone ජාතික වනෝද්‍යානයේ පිහිටි දුර්ලභ ආකාරයේ, විධාරණය වූ කන්දක ස්වරූපය ගන්නා ලෙස නිර්මාණය වූ "White Dome Geyser" නමින් හදුන්වන සුවිශේෂී උණු දිය උල්පතකින් නිකුත් කරන උණුසුම් ජල වාෂ්ප ධාරාව ඡායාරූපයේ ඈත කෙළවරට වන්නට දැකගත හැකිය. මෙම උල්පතේ ජලය වාෂ්ප කිරීමට හේතු වී ඇත්තේ කිලෝමීටර ගණනාවක් පොළව යටට වන්නට තිබෙන ගිනිකන්දකින් පිටවන උණුසුම් මැග්මාවල බලපෑමේ ප්‍රතිඵලයක් නිසාවෙනි. ඡායාරූපයෙන් දිස්වන ප්‍රදේශයේ ක්ෂිතිජ ඉමට වන්නට කොළ පැහැයෙන් දිස්වන "අවුරෝරා" (Aurora) ආලෝක රටාවන් දිස්වන අතර ඉහළ කෙළවරට වන්නට පවතින ප්‍රදේශයේදී රතු පැහැයෙන් දිස්වන ආලෝක රටාවන්ද දැකගත හැකිය.
White Dome Geyser (Yellowstone National Park)
Last edited: