🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 20 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg

    වසර කීපයකට පෙර කැමරා කාචයට හසුකර ගැනීමට සමත් වූ මෙම අපූරු ඡායාරූපයෙන් රාත්‍රී අහසේ විවිධ වර්ණයන්ගෙන් දිස්වුනු අපූරු "අවුරෝරා" (Aurora) ආලෝක රටාවන් මුළු පරිසරයම ඒකාලෝක කරමින් දිස්වන ආකාරය නිරූපණය වේ. ඇමරිකාවේ Yellowstone ජාතික වනෝද්‍යානයේ පිහිටි දුර්ලභ ආකාරයේ, විධාරණය වූ කන්දක ස්වරූපය ගන්නා ලෙස නිර්මාණය වූ "White Dome Geyser" නමින් හදුන්වන සුවිශේෂී උණු දිය උල්පතකින් නිකුත් කරන උණුසුම් ජල වාෂ්ප ධාරාව ඡායාරූපයේ ඈත කෙළවරට වන්නට දැකගත හැකිය. මෙම උල්පතේ ජලය වාෂ්ප කිරීමට හේතු වී ඇත්තේ කිලෝමීටර ගණනාවක් පොළව යටට වන්නට තිබෙන ගිනිකන්දකින් පිටවන උණුසුම් මැග්මාවල බලපෑමේ ප්‍රතිඵලයක් නිසාවෙනි. ඡායාරූපයෙන් දිස්වන ප්‍රදේශයේ ක්ෂිතිජ ඉමට වන්නට කොළ පැහැයෙන් දිස්වන "අවුරෝරා" (Aurora) ආලෝක රටාවන් දිස්වන අතර ඉහළ කෙළවරට වන්නට පවතින ප්‍රදේශයේදී රතු පැහැයෙන් දිස්වන ආලෝක රටාවන්ද දැකගත හැකිය.

    White Dome Geyser (Yellowstone National Park)

    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    @Stimulus mind මචං.. උඹ දාන දවසේ නාසා ඡායාරූපය ත්‍රෙඩ් වලින් ගොඩාක් එවුව බලල තියෙනවා.. හැබැයි ඒවට උත්තරයක්, අඩුම තරමෙ උඹ කරන දේට ලයික් එකක් දාන උන් හරි අඩුයි.. ඒකට මොකෙක් හරි ගෑණියෙක්ගෙ ජංගියක් හරි ලීක් එකක් හරි දේශපාලන ත්‍රෙඩ් එකක් හරි දැම්මොත් බලන්න ඕනි ප්‍රතිචාර ටික.. අනේ මන්ද බං, අපේ උන්ට රසවින්දනය කියන දේ නැතිවීගෙන ගිහිල්ල ස්වයංවින්දනය විතරක් ඉතුරු වෙනවද කියල... උඹ කරන්නෙ මරු වැඩක් සහෝදරයා.. ප්‍රතිචාරය මොකක් උණත් මේ ත්‍රෙඩ් ටික දාන එක නවත්තන්න එපා.. උඹේ වැඩේ සුපිරි.. 💕 💕(y)
     
    ඒකනම් ඇත්ත තමයි සහෝ. මටත් ඕක හොදටම තේරිලා තියෙන්නෙ දැන්. ඒ වුණාට මේ වගේ දේවල් බලන්න, කියවන්න කැමති අතලොස්සක් හරි කිරියෙ ඉන්නවනෙ, ඒ නිසා අඩුම ගාණෙ ඒ අය වෙනුවෙන්වත් මං මේ වැඩේ නවත්තන්නෙ නැතුව දිගටම කරන් යන්න තමයි අදහස් කරන් ඉන්නේ. බොහෝම ස්තූතියි සහෝ රිප්ලයි එකට. :love2:(y)(y)(y)
     
    Similar threads