"Quasar" යනුවෙන් හදුන්වන්නේ සුර්යයා මෙන් මිලියන, බිලියන ගණනක ස්කන්ධයෙන් යුක්ත මෙන්ම, ක්‍රියාකාරීව පවතින "අති දැවැන්ත කලු කුහරයන්" (supermassive black holes) මගින් උත්පාදනය කරන අතිශයින්ම දීප්තිමත්, ක්‍රියාකාරී මන්දාකිණි න්යෂ්ටියන් වේ . මේවා මන්දාකිණියන් හි මධ්‍යයට වන්නට පිහිටා තිබෙන අතර "Quasar" අසල පවතින ධූලි හා වායුන් එහි බලපෑම නිසා අතිශය දීප්තියක් නිකුත් කරන අතර ඇතැම් විට එම දීප්තියෙන් මුළු මන්දාකිණියම පවා ආලෝකවත් කිරීමට හැකියාව පවතී. මුල්ම "Quasar" බිහිවූයේ විශ්වයේ ආරම්භක වසර බිලියනය තුළ වන අතර ඒ සම්බන්ධ ඇතැම් තොරතුරු තාරකා විද්‍යාඥයන් හට අදට ද අභිරහසක් බවට පත්ව තිබේ. ඉහත සදන් කළ පරිදි දැවැන්ත කලු කුහරයන් හි පිහිටා ඇති "Quasar" වක් වායු පටල මෙන්ම කලු කුහරයන් හි "accretion disc" නමින් හදුන්වන කලාපයෙන් හා කලු කුහරයන්හි ආලෝකයේ වේගයෙන් චලනය වන අයනීකෘත පදාර්ථ කදම්භ ලෙස හදුන්වන " powerful jet" යන දෑ වලින් ද වට වී පවතී. අද දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත්තේ මෙවැනි ආකාරයේ "Quasar" වක් චිත්‍ර ශිල්පියෙකුගේ කලා ඇසට හසු වූ අවස්ථාවකි. "Quasar"යනු විශ්වයේ හටගන්නා ලද පැරණිතම ව්‍යුහයක් වන අතර මේ පිළිබදව වැඩිදුර ගවේශනයන් සිදු කිරීම මගින් විශ්වයේ මුල් අවධිය හා එහි විකාශනය පිළිබද මෙතෙක් හෙළි නොවුනු කරුණු ගණනාවක් විසදාගැනීමට හැකියාව පවතින බව තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබේ. විද්‍යාඥයන් විසින් හෙළි කරගත් පැරණිතම "Quasar" ව "redshift 8" යන නමින් හදුන්වන අතර එය විශ්වය බිහිවීමට හේතු වූවායි යැයි පිළිගැනෙන මහා පිපිරුමෙන් (The Big Bang) වසර මිලියන 700 කට පමණ පසුව හටගෙන තිබේ.
Quasar
Last edited: