🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 23 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpeg


    අද දිනයේ, නාසා ඡායාරූපයෙන් නිරූපණය වන්නේ ඇමරිකාවේ, බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන "Robert C. Byrd Green Bank Telescope" (GBT) නම් රේඩියෝ දුරේක්ශය (radio telescope) හා එය පිහිටා ඇති ප්‍රදේශයට ඉහළින් දිස්වූ රාත්‍රී අහසේ අපූර්වයත්වය විදහා දක්වන අයුරු කැමරා කාචයට හසුකරගත් මොහොතකි. මෙම රේඩියෝ දුරේක්ශය ලොව පිහිටි විශාලතම, සම්පූර්ණයෙන්ම මෙහෙයවිය හැකි රේඩියෝ දුරේක්ශය ( world's largest fully steerable radio telescope) වන අතර මෙහි ඇති ප්‍රධාන මධ්‍ය දුරේක්ශ තැටියේ ( central dish) විශාලත්වය පාපන්දු පිටියක විශාලත්වයට සමාන වේ. ඉහත සදහන් කළ පරිදි බටහිර වර්ජිනියාවෙහි ඉදිකර ඇති මෙම දුරේක්ශය රේඩියෝ සංඥා, දුරකතන සංඥා, WI Fi සංඥා හුවමාරුව පමණක් නොව ක්ෂුද්‍රතරංග උදුන් (microwave ovens)භාවිතය පවා අඩුවෙන් සිදුකරන කලාපයක නැතහොත් "radio quiet zone" යනුවෙන් හදුන්වන කලාපයක් තුළ පිහිටා ඇත. මෙම දුරේක්ශයට රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේද නිරීක්ශන කටයුතුවල නිරතවිය හැකි අතර ඒ රේඩියෝ අවකාශය දිවා, රාත්‍රී ලෙස වෙනසකින් තොරව සැමවිටම නිරීක්ශන වන්නේ අදුරු අවකාශයක් ලෙස බැවින්, දුරේක්ශයට රේඩියෝ සංඥා ග්‍රහණය කිරගැනීමට එය බාධාවක් නොවීම හේතුකොට ගෙනයි. මෙහි දැක්වෙන ඡායාරූපය මේ වසරේ ජනවාරි මාසයේ අගභාගයේදී ලබාගත් Robert C. Byrd Green Bank Telescope (GBT) දුරේක්ශයේ ඡායාරූපයක් වන අතර එය ලබාගෙන ඇත්තේ ඔරායන් (Orion)තාරකා රාශියේ සිදු කරන විශේෂ නිරීක්ශන කටයුතු සදහා මාස ගණනාවක් තිස්සේ දුරේක්ශයේ සිදුකරන නාභිගත කිරීමේ ක්‍රියාවලියක් අතරතුරදීය.

    මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ දුරේක්ශයේ සිට කිලෝමීටර 1 ( 1 km) ක පමණ දුරකින් වන අතර දුරේක්ශය හා ඒ අවට ඇති පරිසරය පිළිබදව ද මෙම ඡායාරූපයෙන් තොරතුරු කියාපායි. දුරේක්ශය පිහිටා ඇති බිම් ප්‍රදේශයට ඉහළින් මනරම් රාත්‍රී අහස් කුසක් දිස්වන අතර එහි ඡායාරූපයේ නම් කර ඇති ආකාරයට ඔරායන් නිහාරිකාව (Orion Nebula), "orion belt" යනුවෙන් හදුන්වන රේඛීයව පිහිටා තිබෙන Alnitak, Alnilam හා Mintaka යන දීප්තිමත් තාරකා ත්‍රිත්වය, ඔරායන් (Orion) තාරකා රාශියේ දෙවෙනියට දීප්තිමත් ම තාරකාව වන "Betelgeuse" තාරකාව (red supergiant star) හා තෙවැනියට දීප්තිමත් ම තාරකාව වන "Bellatrix" තාරකාවත්, එම තාරකා රාශියේම පිහිටා ඇති "Lambda Orionis" තාරකාව මෙන්ම "Barnard's Loop" නම් විමෝචන නිහාරිකාවත් (emission nebula) මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැක. මෙම Robert C. Byrd Green Bank Telescope (GBT) රේඩියෝ දුරේක්ශය දායක කොටගෙන කරන ලද සොයාගැනීම් අතර ඔරායන් අණුක වළාකුළු සංකීර්ණයේ (Orion Molecular Cloud Complex) අසාමාන්‍ය චුම්භක ක්ෂේත්‍රය සිතියම්ගත කිරීම ප්‍රධාන තැනක් ගනී.


    GreenBankOrion_Green_1638.jpg




    නම් කරන ලද ඡායාරූපය

    GreenBankOrion_Green_960_annotated.jpg





    Green Bank Telescope (Robert C. Byrd Green Bank Telescope - GBT)





    Orion (constellation)

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Raata pena hama star ekakma ape galaxy eke ewada? Nattm wena ewath penawada?
    Milky way galaxy එකේ විතරක් නෙවේ තව සමහර මන්දාකිණි පවා පියවි ඇසට පේනවා. Milky way එක ඇරුණම හොදින් ම නිරීක්ශනය කරන්න පුලුවන් මන්දාකිණිය තමයි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය.:yes: