🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 28 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    දුරේක්ශයකින් පරාවර්තනය වන පූර්ණ චන්ද්‍රයාගේ ප්‍රතිභිම්බයක් පැතලි පුවරුවක් මතට වැටී ඇති ආකාරය නිරූපණය කරන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම වසරේ පෙබරවාරි මස දිස්වුණු, ඇතැම් සංස්කෘතියන්ට අයත් ජන කොට්ඨාස විසින් "Snow Moon" නමින් හදුන්වන ලබන පූර්ණ චන්ද්‍රයාගේ ප්‍රතිබිම්භයක් මෙම ඡායාරූපයේ දිස්වන පරිදි ලබාගෙන ඇති අතර මෙය single-exposure ඡායාරූපයක් ලෙස කැමරාවට හසුකරගෙන තිබේ. ප්‍රංශයේ, ඇල්ෆ්ස් හි පිහිටා ඇති "Saint-Véran Observatory" නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ පිහිටි, විෂ්කම්භය 62cm ක් වූ දර්පණයකින් යුතු වූ දුරේක්ශය මගින් මෙම ප්‍රතිභිම්භය ලබාගෙන ඇති අතර පූර්ණ චන්ද්‍රයා දෙස එකඑල්ලේ පියවි ඇසින් නරඹනවාටත් වඩා, ඉතා පැහැදිලි ලෙස චන්ද්‍රයාගේ දර්ශනය මෙම පුවරුව පුවරුව මත පතිත වී තිබීම මෙහි දක්නට ලැබෙන සුවිශේෂයක් ලෙස සදහන් කළ හැකිය.


    MoonHands_Graphy_960.jpg




    Observatory of Saint-Veran

     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    BUMP..!!

    Saint-Véran පට්ට තැනක් නේ air pollution එහෙම අඩු.. ආසයි බං මැරෙන්න දවසකට කලින් හරි ඒ වගේ පොට් එකකට ගිහින් අඩියක් ගහල මනෝ පාරක් දාගෙන නයිටක් අදින්න.. 💕
     

    Similar threads