දුරේක්ශයකින් පරාවර්තනය වන පූර්ණ චන්ද්‍රයාගේ ප්රතිභිම්බයක් පැතලි පුවරුවක් මතට වැටී ඇති ආකාරය නිරූපණය කරන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම වසරේ පෙබරවාරි මස දිස්වුණු, ඇතැම් සංස්කෘතියන්ට අයත් ජන කොට්ඨාස විසින් "Snow Moon" නමින් හදුන්වන ලබන පූර්ණ චන්ද්‍රයාගේ ප්‍රතිබිම්භයක් මෙම ඡායාරූපයේ දිස්වන පරිදි ලබාගෙන ඇති අතර මෙය single-exposure ඡායාරූපයක් ලෙස කැමරාවට හසුකරගෙන තිබේ. ප්‍රංශයේ, ඇල්ෆ්ස් හි පිහිටා ඇති "Saint-Véran Observatory" නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ පිහිටි, විෂ්කම්භය 62cm ක් වූ දර්පණයකින් යුතු වූ දුරේක්ශය මගින් මෙම ප්‍රතිභිම්භය ලබාගෙන ඇති අතර පූර්ණ චන්ද්‍රයා දෙස එකඑල්ලේ පියවි ඇසින් නරඹනවාටත් වඩා, ඉතා පැහැදිලි ලෙස චන්ද්‍රයාගේ දර්ශනය මෙම පුවරුව පුවරුව මත පතිත වී තිබීම මෙහි දක්නට ලැබෙන සුවිශේෂයක් ලෙස සදහන් කළ හැකිය.
Observatory of Saint-Veran