🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මාර්තු 28 - මාලදිවයින් රාත්‍රී අහසේ දිදුලන මැණික් 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    nvexcIu.jpg


    ක්ෂීරපථයේ දකුණු කෙළවරට වන්නට පිහිටි "Southern Cross" නැතහොත් දකුණු කුරුසිය (Crux) නමින් හදුන්වන තාරකා රාශියට අයත් තාරකාවන් පමණක් නොව, අපගේ සූර්යයාට ආසන්නයෙන්ම ඇති තාරකාව වන "Alpha Centauri" තාරකාවද පිහිටා තිබේ. දකුණු කුරුසිය තාරකා රාශියෙහි ඉහළට වන්නට කහපැහැයෙන් දිස්වන "Gamma Crucis" නම් තාරකාව පිහිටා ඇති අතර එම තාරකාවට රේඛීයව දකුණු කුරුසිය තාරකා රාශියේ පහළින් " Acrux" නම් නිල් පැහැති තාරකාව දකුණු ආකාශ ධ්‍රැවය (south celestial pole) දෙසට යොමුවී පවතින අයුරින් පිහිටා තිබේ. මෙම වසරේ මාර්තු මස මුල් භාගයට අයත් දිනයක ගනු ලැබූ මෙම ඡායාරූපයෙහි දිස්වන දූපත, ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන රාජ්‍යයක් වන මාලදිවයිනට අයත් දූපතක් වන "Madivaru" නම් දූපත වේ. ක්ෂීරපථය මන්දාකිණියෙහි (Milky Way Galaxy) ඇති තාරකාවන්ගේ ආලෝකය එරෙහිව යන්නා වූ දකුණු කුරුසිය තාරකා රාශියේ වම්පසට වන්නට පිහිටා ඇති අදුරු "Coal Sack Nebula" යනුවෙන් හදුන්වන නිහාරිකාව මෙහිදී නිරීකශනය කළ හැකි අතර ක්ෂීරපථය මන්දාකිණියේ වම්පස කෙළවරටම වන්නට පිහිටා තිබෙන "Alpha Centauri" සහ "Beta Centauri" (Hadar) යන තාරකාවන්ද මෙහිදී දැකගත හැක. Alpha Centauri A (Proxima Centauri ලෙසද හදුන්වයි) යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4.367 ඈතින් පිහිටි ග්‍රහයන් තිදෙනෙකුගෙන් සමන්විත ( මේ වන විට සොයාගෙන ඇති ග්‍රහයන් ගණන) සෞරග්‍රහමණ්ඩලයක් මව් තාරකාව වන රතු වාමන ( red dwarf) තාරකාවකි.


    SouthIsland_Horalek_1326.jpg




    නම් කරන ලද ඡායාරූපය

    SouthIsland_Horalek_960_annotated.jpg




    Southern Cross (Crux Constellation)





    Alpha Centauri




     

    Similar threads