🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 මාර්තු 30 - "Odd Radio Circles (ORC)" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    dzBDEoI.jpg


    විශ්වයේ පවතින අභිරහස් ආකාශ වස්තූන් ලෙස සැලකෙන "Odd radio circle" (ORC) නමින් හදුන්වන අපූර්ව ව්‍යුහයක වීඩියෝවක් අද දිනයේ නාසා වීඩියෝව ලෙස තෝරාගෙන ඇත. මෙම ව්‍යුහයන් රේඩියෝ සංඛ්‍යාතයන්ට පමණක් දෘෂ්‍යමාන වන අතර 2019 වසරේදී ඕස්ට්‍රේලියාවේ, Murchison Radio-astronomy Observatory (MRO) 'හි පිහිටි "SKA Pathfinder radio array"(ASKAP)නමින් හදුන්වන රේඩියෝ දුරේක්ෂයන් මගින් සිදුකළ ගවේශනයන්හීදී අහඹු ලෙස මෙම "Odd radio circle" (ORC) හමුවී ඇති අතර 2021 වසරේදී, දකුණු අප්‍රිකාවෙහි පිහිටි "MeerKAT" රේඩියෝ දුරේක්ශයෙන් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කර එළිදැක්වූ මෙම වීඩියෝව මගින් "Odd radio circle" (ORC) හි ස්වභාවය පිළිබදව මනා අදහසක් ලබා දේ.

    මෙම රේඩියෝ දත්ත "turquoise" වර්ණයන් උපයෝගී කරගනිමින්, Dark Energy Survey optical/IR map හි අඩංගු දත්තයන්ට අදාළව මෙහිදී නිරූපණය කර ඇත. මෙම වීඩීයෝ නිදර්ශනය නිර්මාණය කළ පරිගණක ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා විසින් "Odd radio circle" (ORC)මූලාරම්භය සිදුවූවා යැයි සලකන එක් ආකාරයක් එනම් මන්දාකිණියක් මධ්‍යයයේ පවතින දැවැන්ත කළු කුහරයන් ද්විත්වයක් ඒකට යාවීම සිදුවීමේදී ඇතිවන කම්පණ තරංගයන් මගින් මේ ආකාරයේ රේඩියෝ විකිරණ වළලු උත්පාදනය වීමේ හැකියාව ඇතැයි යන මතයට අදාළව වීඩියෝව නිර්මාණය කරීමට මෙහිදී තම අවධානය යොමු කර තිබේ. පළමුව "ORC" ඇතිවීමත් සමග වීඩියෝවේ රූපරාමුව පුරාම එය පැතිරී යන අතර, එහිදී වීඩියෝව zooms out කිරීමකට ලක් කරන අතර එමගින් "ORC" ආලෝක වර්ෂ මිලියන ගණනක් දුරකට විහිදී යන අයුරු හසුකර ගැනීමට හැකියාව ලැබී තිබේ. මේවන විට ඕස්ට්‍රේලියාවේ හා දකුණු අප්‍රිකාවෙ ඉදිකරමින් පවතින "Square Kilometre Array" නම් වූ රේඩියෝ දුරේක්ෂ සංකීර්ණයන් මගින් මේ "ORC" ව්‍යුහයන් පිළිබදව සිදුකරන ගවේශනයන්, ඉදිරියේදී වඩාත් පුළුල්ව සිදුකිරීම තාරකා විද්‍යාඥයන්ගේ අපේක්ශාව වී ඇත.


    Credits: Illustration: Sam Moorfield; Data: CSIRO, HST (HUDF), ESA, NASA;
    Image: J. English (U. Manitoba), EMU, MeerKAT, DES (CTIO); Text: Jayanne English







    Odd radio circles (ORM)