1962 වසරේ පෙබරවාරි මස 20 වන දින ප්‍රථම වරට ඇමරිකානු ගගනගාමියෙක් හට පෘථිවිය වටා කක්ෂ ගත වීමට අවස්ථාව හිමි විය. ඒ සුවිශේෂී අවස්ථාව හිමිකරගත්තේ "Project Mercury" නම් නාසා ආයතනය දියත් කළ අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කරන ලද Mercury-Atlas 6 (MA-6) (Mercury spacecraft /Friendship 7) අභ්‍යවකාශ යානයේ ගගනගාමියා වූ "John Glenn" හටයි. "John Glenn" රැගත් අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට 248 km පමණ ඉහළින් පිහිටි කක්ශයක සිටිමින් පෘථිවිය වටා තුන්වරක් ගමන් කළ අතර මේ සදහා පැය 4 යි මිනිත්තු 55 යි තත්පර 23 ක කාලයක් ගතවී ඇත. අවසානයේ මෙහෙයුම් කටයුතු අවසන් කරමින් නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුලු වූ Mercury යානය උතුරු අතලාන්තික් සාගරයට නිරුපද්‍රිතව පතිත විය. 1964 වසරේදී John Glenn නාසා ආයතනයෙන් ඉවත් වූ අතර 1974 වසරේදී ඇමරිකාවේ ඩෙමොක්රටික් පක්ශය නියෝජනය කරමින් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත්වීමටද ඔහු අවකාශය හිමිකර ගන්නා ලදී. අදට යෙදී තිබෙන මෙම සුවිශේෂී අවස්තාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් මෙම මෙහෙයුමේ විශේෂ අවස්ථා දැක්වෙන "remastered" කරන ලද ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැරීමට බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා රචකයෙකු වන "Andrew Saunders" කටයුතු කර තිබේ. මේ එම ඡායාරූප හා John Glenn පිළිබදවත්, මෙහෙයුම සම්බන්ධව වැඩිදුර තොරතුරුත් ගෙනෙන වීඩියෝ පට කීපයකි.



