🌏🛩️ ලෝක වාර්තාවක් තියන්න යන සාරා රත්මලානට 🛩️🌏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    TRAVEL-WORLD-ZARA-RUTHERFORD1200.jpg



    මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කල ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන්න බෙල්ජියම් ජාතික දහනවහැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) මෙනවිය රත්මලාන ගුවන් තොටුපලට අද දහමල් පැමිණියාය.

    රත්මලාන ගුවන්තොටුපොළේදී ඇය පැමිණි සැහැල්ලු ගුවන්යානයට ජල ආචාරය දක්වා ඇය කොළඹ ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය. පසුගිය අගෝස්තු මස 13 වන දින බෙල්ජියමෙන් ගමන් ආරම්භ කර ඇති ඇය ඇමරිකාව බ්‍රිතාන්‍ය රුසියාව ඇතුළු රටවල් ගණනාවක් හරහා මේ වන විට ගමන්කොට ඇත.

    ඇය ගමන් ගන්නා ගමන් මාර්ගයේ 40 වැනි රට හැටියට ලංකාවට පැමිණ සිටින ඇය ගුවන් තොටුතොටුපළවල් 52ක නැවතුම් සිදුකර පැමිණ ඇත. රටවල් පනස් දෙකක් මහත්දීප පහක් ඔස්සේ ගුවන් සැතපුම් කිලෝ මීටර් 51000 මග ගම්න් කිරීමට බලාපොරොත්තු වන ඇයගේ ගුවන් ගමනට යොදාගත් ගුවන් යානය ඉහළ කාර්ය සාධනයක් සහිත ultralight තනි එන්ජින් ගුවන් යානයකි.

    එම ගුවන් යානයේ වේගය පැයට කිලෝ මීටර් තුන්සීයක් පමණය. අද දින ලංකාවේ ගතකරන ඇයගේ මී ළඟ නැවතුම ඉන්දියාව බව ඇය කීවාය. රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවාවනිතා සභාපතිනිය මේනකා සොනාලි නානායක්කාර මහත්මිය යන දෙදෙනා ඇයට සමරු තිබිණද පිළිගැන් වූහ.


    Source: lankadeepa.lk



    image_1578ed8dc6.jpg


    image_c18d512c4b.jpg


    image_d7a1c41005.jpg


    image_73e140db74.jpg


    image_7d6a93d5a0.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    අවුරුදු 19 කෙල්ලෙක්ට ලෝකෙ වටේ තියා තනියෙන් කඩේටවත් යන්න දෙන්නේ නැති හන මිටි දෙමව්පියෝ ඉන්න රටක් මේක.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අවුරුදු 19 කෙල්ලෙක්ට ලෝකෙ වටේ තියා තනියෙන් කඩේටවත් යන්න දෙන්නේ නැති හන මිටි දෙමව්පියෝ ඉන්න රටක් මේක.


    එහෙම යන්නේ කොහොමද බං ලංකාවේ?
    2500යෙ ශිෂ්ටාචාරේ උරුමක්කාරයෝ පඳුරු අස්සෙ හැංගිලා ඉන්නවානේ. ලංකාවේ සෙක්ස් කියන්නේ රේප් ඇන්ඩ් කිල් කියන එකට තනි වචනයක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    පෙර සැලසුම් වලට අනුව රත්මලානට ගොඩ බැසීමෙන් පසු ඇයගේ ඊලඟ නැවතුම වීමට තිබුණේ චීනයයි...

    නමුත් ලංකාවේ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් ඇයගේ ඊලඟ නැවතුම ලෙස ඉන්දියාවට ගොඩබැසීමට සැලසුම් වෙනස්කර ඇත...

    මෙහිදී අරුණ රාජපක්ශ මහතාගේ මැදිහත් වීමෙන් ලබා දුන් පෙට්‍රල් ලීටර 5 යොදාගෙන කෙසේ හෝ ගුවන්ගත වීමට නියමිත ගුවන් යානය, නියුටල් එකක් ගසා ඉන්දියාවට පල්ලම් බැසීමට නියමිතයි ...
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    අවුරුදු 19 කෙල්ලෙක්ට ලෝකෙ වටේ තියා තනියෙන් කඩේටවත් යන්න දෙන්නේ නැති හන මිටි දෙමව්පියෝ ඉන්න රටක් මේක.
    Sirawata bn dupath manasikwathya uparimai
     
    • Like
    Reactions: Stimulus mind