🌕🌎 පෘථිවි චන්ද්‍රයාගේ පෘෂ්ඨීය සං‍යුතිය 🌏🌕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    XIEOueT.jpg

    දිනය: 2023 ජනවාරි 16

    අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ පෘථිවි චන්ද්‍රයාගේ ලබාගත් ඡායාරූපයන් කීපයක් සං‍යුක්ත (composite) කිරීම මගින් එහි වූ පෘෂ්ඨීය සං‍යුතිය නිරූපණය කර ඇති ආකාරයයි. මෙහිදී විවිධ වර්ණයන්ගෙන් නිරූපිත චන්ද්‍ර පෘෂ්ඨයට අමතරව එහි පිහිටා තිබෙන "lunar maria/ Lunar mare" නමින් හදුන්වන අඳුරු ස්වභාවයෙන් දිස්වන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයන් සහ චන්ද්‍ර ආවාටයන් ද පැහැදිලිව දැකගත හැකිය. ඩිජිටල් තාකෂණය යොදාගනිමින් වැඩිදියුණු කොට සකසන ලද මෙම ඡායාරූපයෙහි දිස්වන චන්ද්‍ර පෘෂ්ඨයෙහි ඇති වර්ණයන් සලකා බැලීමේදී එහි වූ නිල් පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් යකඩ ද (iron), තැඹිලි පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් ඇලුමිනියම් බහුල ප්‍රදේශයන් ද දක්වා ඇත. පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් ඈතින් පිහිටා තිබෙන, විෂ්කම්භය අතින් කිලෝමීටර 3474.8 ක අගයකින් යුක්ත වූ පෘථිවි චන්ද්‍රයාගේ වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

    Image Credit & Copyright: Darya Kawa Mirza

    MoonEnhanced_Mirza_4085.jpg

    Earth's Moon

    Lunar maria

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    නිල් පැහැයෙන් යකඩ පෙන්නන්නෙ ඇයි? සාමාන්‍යෙන් යකඩ තියෙන්නෙ යපස් විදියටනෙ, එතකොට තැඹිලි දුඹුරු පාටක්නෙ පේන්නෙ. චන්ද්‍රයගෙ යකඩ තියෙන්නෙ මූලද්‍රව්‍ය ව්දිියටද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,648
    113
    Mother Earth
    හඳේ atmosphere එකේ oxygen නැතුව Elon Musk හඳේ colony හදන්නේ කොහොමඩ බන් 😩 හඳේ ගස් පලවෙනවඩ? හඳේ පස් වලට කියන්නේ රෙවොලිත් කියලනේ. ඇපලෝ එකෙන් පස් ගෙනාව ඒවායේ ගස් පැලවුණා කියලා කියන්නේ. 😮
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    නිල් පැහැයෙන් යකඩ පෙන්නන්නෙ ඇයි? සාමාන්‍යෙන් යකඩ තියෙන්නෙ යපස් විදියටනෙ, එතකොට තැඹිලි දුඹුරු පාටක්නෙ පේන්නෙ. චන්ද්‍රයගෙ යකඩ තියෙන්නෙ මූලද්‍රව්‍ය ව්දිියටද?
    ඉල්මනයිට් වගේ ඛණිජ එක්ක සං‍යුක්ත වෙලා හැදුණ පාෂාණ විදිහට තියෙන්නෙ. සමහර ඒවා ඇවිල්ලා තියෙන්නෙ උල්කාපාත ඝට්ටනත් එක්ක. හුගක් තියෙන්නෙ ඔය ෆොටෝ එකේ පෙනෙන Dark areas වල. ඔය Areas වලට කියන්නෙ Lunar mare කියලා. ගිනිකදු පිපිරුම් වලින් ගලා ගෙන ගිය ලාවා වලින් හැදිච්ච තැනිතලා බිම් තමයි ඕවා .

    :yes::yes: නියමයි මචන්... Action , Sci-Fi , adventure movie එකක්... බලහන්...
    හැබැයි ඔය ෆිල්ම් එකේ scientific accurate පැත්ත නම් ගන්න දෙයක් නෑ. Roland Emarich ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් වගේ brain එක ඕෆ් කරලා බලන්න හොද popcorn ෆිල්ම් එකක්. :sorry:
    ------ Post added on Jan 16, 2023 at 10:05 PM
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හඳේ atmosphere එකේ oxygen නැතුව Elon Musk හඳේ colony හදන්නේ කොහොමඩ බන් 😩 හඳේ ගස් පලවෙනවඩ? හඳේ පස් වලට කියන්නේ රෙවොලිත් කියලනේ. ඇපලෝ එකෙන් පස් ගෙනාව ඒවායේ ගස් පැලවුණා කියලා කියන්නේ. 😮
    පෘථිවියේ ඉඩ මදි වුනාම යන්න කියලා ඔය හාවො ඉන්න චූටි ලෝකෙට target කරන්න උට පිස්සුවක් ඇතැයි. අඟුටුමිට්ටො එක්ක ඉන්න කියලා අපිව යවන්න හදන්නෙ අඟහරු ලෝකෙට නෙ. 😁
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඉල්මනයිට් වගේ ඛණිජ එක්ක සං‍යුක්ත වෙලා හැදුණ පාෂාණ විදිහට තියෙන්නෙ. සමහර ඒවා ඇවිල්ලා තියෙන්නෙ උල්කාපාත ඝට්ටනත් එක්ක. හුගක් තියෙන්නෙ ඔය ෆොටෝ එකේ පෙනෙන Dark areas වල. ඔය Areas වලට කියන්නෙ Lunar mare කියලා. ගිනිකදු පිපිරුම් වලින් ගලා ගෙන ගිය ලාවා වලින් හැදිච්ච තැනිතලා බිම් තමයි ඕවා .

    හැබැයි ඔය ෆිල්ම් එකේ scientific accurate පැත්ත නම් ගන්න දෙයක් නෑ. Roland Emarich ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් වගේ brain එක ඕෆ් කරලා බලන්න හොද popcorn ෆිල්ම් එකක්. :sorry:
    ------ Post added on Jan 16, 2023 at 10:05 PM
    Mata awlak wenne naha :D
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඉල්මනයිට් වගේ ඛණිජ එක්ක සං‍යුක්ත වෙලා හැදුණ පාෂාණ විදිහට තියෙන්නෙ. සමහර ඒවා ඇවිල්ලා තියෙන්නෙ උල්කාපාත ඝට්ටනත් එක්ක. හුගක් තියෙන්නෙ ඔය ෆොටෝ එකේ පෙනෙන Dark areas වල. ඔය Areas වලට කියන්නෙ Lunar mare කියලා. ගිනිකදු පිපිරුම් වලින් ගලා ගෙන ගිය ලාවා වලින් හැදිච්ච තැනිතලා බිම් තමයි ඕවා .
    හ්ම්හ්ම්. අනික ඔක්සිජන් වතුර නැතුව යකඩ ඔක්සිඩයිස් වෙන්නෙත් නෑනෙ.
     
    Similar threads