දිනය: 2023 ජනවාරි 16
අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ පෘථිවි චන්ද්‍රයාගේ ලබාගත් ඡායාරූපයන් කීපයක් සංයුක්ත (composite) කිරීම මගින් එහි වූ පෘෂ්ඨීය සංයුතිය නිරූපණය කර ඇති ආකාරයයි. මෙහිදී විවිධ වර්ණයන්ගෙන් නිරූපිත චන්ද්‍ර පෘෂ්ඨයට අමතරව එහි පිහිටා තිබෙන "lunar maria/ Lunar mare" නමින් හදුන්වන අඳුරු ස්වභාවයෙන් දිස්වන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයන් සහ චන්ද්‍ර ආවාටයන් ද පැහැදිලිව දැකගත හැකිය. ඩිජිටල් තාකෂණය යොදාගනිමින් වැඩිදියුණු කොට සකසන ලද මෙම ඡායාරූපයෙහි දිස්වන චන්ද්‍ර පෘෂ්ඨයෙහි ඇති වර්ණයන් සලකා බැලීමේදී එහි වූ නිල් පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් යකඩ ද (iron), තැඹිලි පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් ඇලුමිනියම් බහුල ප්‍රදේශයන් ද දක්වා ඇත. පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් ඈතින් පිහිටා තිබෙන, විෂ්කම්භය අතින් කිලෝමීටර 3474.8 ක අගයකින් යුක්ත වූ පෘථිවි චන්ද්‍රයාගේ වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
Image Credit & Copyright: Darya Kawa Mirza
Earth's Moon
Lunar maria



