🌞🔥 සක්‍රීය සූර්යයා 🔥🌞

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 22

    සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයෙහි සිදුවන වෙනස්කම් හේතුවෙන් සූර්යයාගේ සක්‍රීයතාවය අඩු වැඩිවීම් වලට ලක්වන වසර 11 කින් යුක්ත වූ කාලපරිච්ඡේදය සූර්ය චක්‍රයක් (Solar cycle) ලෙස හදුන්වනු ලබයි. පසුගිය වසර 2 ක කාලසීමාව තුළ මෙම සක්‍රීයභාවය අවම මට්ටමක පැවති අතර එම කාලසීමාව "solar minimum" යනුවෙන් හදුන්වයි. මෙම කාලසීමාව තුළ සූර්යයා මත කිසිදු සූර්ය ලපයක්/හිරු ලපයක් හටගත් අවස්ථාවක් නිරීක්ශනය කිරීමට අවස්ථාවක් නොලැබුණි. එම කාලසීමාවේ සිට සූර්යයා නැවතත් සක්‍රීය අවස්ථාවට සම්ප්‍රාප්ත වීම මෙම වසර ආරම්භයත් සමග සිදුවූයේ බලාපොරොත්තු වූවාටත් වඩා පෙරදීය. සාමාන්‍ය සක්‍රීයභාවයකට වඩා අසාමාන්‍ය ආකාරයක් ස්වභාවයක් ගත් මෙම සූර්යයාගේ සක්‍රීය වීම, මීට දශකයකට පෙර හටගත් සූර්යයාගේ සක්‍රීයම අවස්ථාව හෙවත් "solar maximum" අවස්ථාවටත් වඩා අධික වූ සක්‍රීයභාවයක් මෙවර ආරම්භයේදීම පෙන්නුම් කර ඇති අයුරු නිරීක්ශනය කළ හැකිය.

    "Hydrogen Alpha" නම් ආලෝක මාධ්‍යයයෙන් හසු කොට ගෙන, ප්‍රතිලෝම හා ව්‍යාජ වර්ණයන්ගෙන් (color-inverted, false colored) නිරූපණය කෙරෙන ආකාරයෙන් සකස් කොට ඇති පහත දැක්වෙන ඡායාරූපය මගින් මීට සති දෙකකට පෙර සූර්යයාගේ මෙම සක්‍රීය පෘෂ්ඨය දිස්වූ අයුරු පෙන්නුම් කරයි. මෙහිදී දිස්වන, සූර්යයා වටා වූ දීප්තිමත් දාරය, සාපේක්ෂ වශයෙන් අඩු උෂ්ණත්වයක් ගන්නා ශීත සූර්ය වායූන්ගේ අවශෝෂණය ඉහළ යාම නිසා හටගත්තක් වන අතර මෙම සංසිද්ධිය "limb darkening" ලෙස හැදින්වේ. මේ අතර සූර්ය තලයේ සිට පිටතට පැනනැගුණු සූර්ය ගිනිදළු (solar prominence) කීපයක් ද මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර එලෙස පිටතට පැන නොනැගී, සූර්ය පෘෂ්ඨය මත විහිදී යන ආලෝකමත් රේඛාවන්ගේ ස්වරූපය ගත් ව්‍යුහයන් "සූර්ය සූත්‍රිකාවන්" (solar filaments) ලෙස හදුන්වයි.

    සූර්ය සූත්‍රිකාවන් (solar filament) යනු සූර්යයාගේ පවති චුම්භක ක්ෂේත්‍රයෙහි බලපෑම හේතුවෙන් සූර්යයාගේ වායුගෝලය තුළ හටගනු ලබන අයනීකරණයට භාජනය වූ එනම් ප්ලාස්මාවන්ගෙන් සමන්විත වූ සූර්ය පෘෂ්ඨයට සාපේක්ෂව මදක් අඩු උෂ්ණතවයකින් යුක්ත වූ දැවැන්ත චාපාකාර ව්‍යුහයන් නැතහොත් දැවැන්ත තාපදීප්ත ප්ලාස්මා ධාරාවන්‍ ය. සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයෙහි සුවිශේෂී වෙනස්කම් සිදුවන කලාප එනම් "solar active regions" මෙහිදී ආලෝකමත් හා අඳුරු ප්‍රදේශයන් ලෙස දැකගත හැකි අතර ඒවා තුළ ශීත හිරු ලප (sunspots) හටගැනීම සිදුවේ. ඉදිරි වසර කීපයේදී සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරීත්වයේ උච්චතම අවස්ථාව වන "solar maximum" අවස්ථාවට සම්ප්‍රාප්ථ වීම සිදු වනු ඇති අතර එම සක්‍රීයතාවය කෙතෙක් දුරට ඉහළ යාම සිදුවේ ද යන්න පුරෝකථනය කිරීම ඉතා අපහසු කාර්යයක් ලෙස සලකනු ලබයි.

    - සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ විශාලත්වය ද මෙහිදී දක්වා තිබේ. -


    Image Credit & Copyright: Mehmet Ergün

    SunHalphaC_Ergun_2065.jpg





    Solar cycle

    Solar minimum

    Solar maximum

    Hydrogen Alpha

    Limb darkening

    Prominences protrude


    Active regions

    Sun's magnetic field













     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මේ ලප හරි යන් නෑ . අපිට වඩා පොඩ්ඩක් දියුනු එලියන්ල ටිකක් ඇවිත් ආතල් එකක් දෙන්න ඔනේ, එක්කෝ සොම්බි ඇපොකැලිප්ස් එකක් එන්න ඕනේ නැත්තම් හොද ලෝක යුද්ධයක් එන්න ඕනේ. කිසි ආතල් එකක් නෑ බන්
     

    Similar threads