🌟🌸 නිතර මෙනෙහි කළයුතු කරුණු පහක් 🌟🌸

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්...
    1). මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    2). මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.
    3). මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    4). ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    5). මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    ( රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචිත බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙන්..)

     
    • Like
    Reactions: kinkon and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    හරි ඉතින් ඕව අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනේ. කොහොමත් ඔය දේවල් ස්වභාවිකයි නේ. බුදු හාමුදුරුවො කිව්වෙ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියල. ඔය තනිකර වැදි බණ. බුදු සාදු දේශණා කරපුව නෙමෙයි. මොකට මේ වගේ පොන්නයො ඉන්න රටක අච්චර ලස්සන ධර්මයක් ඉතුරු කරාද මන්දා. එහෙම නැත්තන් ඒකෙ අනික් පැත්ත. :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.

    ඔකට කියන්නෙ මිත්ය දුශ්ටිය කියල