සක්මන් සඳ
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි ...//
නින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි ...//
නාන තොටේ නුඹ හිනැහී දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි
බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුළට එන්නම් ...//
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ශාන්ත ජයලත් තිසේරා
තනුව - ශාන්ත ජයලත් තිසේරා

