🎶 Best Acoustic Songs Playlist 🎶

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
😭.....ඇරඹුමම කඳුලක්‌ වෙලා............😭



ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කඳුලක්‌ වෙලා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කඳුලක්‌ වෙලා....


ගායනය - කසුන් කල්හාර
සංගීතය - නාලක අංජන කුමාර
ගී පද - දිලීප අබේසේකර

ජය වේවා!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo



ඔබ මා හමු වූණු දා දෑත් දරා
පෙර භවයක බැඳුණා මෙන් දැනුණා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා....

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා....

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...

සිත් මල් දෙකක් ලං වී සිතැඟී පුරා
කොඳුරා වඳන් රැදිමි සඟවා නුරා
සඳ දිය පිරී ඇසිපිය හැරී
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා...

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...

------------------------------
ගායනය - සශිකා නිසංසලා
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
ගී පද - ශෙහාන් ගලහිටියාව

** මෙය Tone Poem වැඩසටහනේදි ගයනා කල ගීතයකි **

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
ගායනය - විශාරද නන්දා මාලිනි
සංගීතය - එච්.එම්.ජයවර්ධන
ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න




ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේ
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේ

සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...

උදාවු සුපෙම් දම් නුසුන් වී රැඳේවා
මගේ පුංචි ලොකේ තැවුල් දුක් නොවේවා
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
උත්තරීතර අනාගතයද ඔබය..

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
ඔබ සැමට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා..!! ජය වේවා!👍



ගායනය - නදීක ජයවර්ධන
සංගීතය - රංග දසනායක
ගීත රචනය - තාරක හේරත්

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න...

ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්...

මට කියන්න...

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න...


 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo



ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත රචනය - යමුනා මලානි පෙරේරා

සුවඳ මට දී.. පාට තැවරූ..
මල අරන් පිටවී..
මා.. රැවටුවා මලවි..
ඒ මලත් මැලවී..
ආදරේ මල.. ආයෙමත් පරවී..
සුවඳ මට දී...

කුරුළු ගීතය වී..
පෙම් ස්වරය මට ඇසුනි..
කුරුළු ස්වර ගොළුවී..
මිහිමතේ.. තුරු කඩා වැටුනි..

සුවඳ මට දී.. පාට තැවරූ..

ගඟට නාදය වී..
ඔබ ගලනවා ඇසුනි..
සයුර නොම හමුවී..
අතරමග සිටිනවා දුටුමී..

සුවඳ මට දී.. පාට තැවරූ....

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo



ගායනය - නදීමාල් පෙරේරා
සංගීතය - සනුක වික්‍රමසිංහ
ගීත රචනය - සනුක වික්‍රමසිංහ

හිරිමල් මුවින් පානා සිනා…
කදුලැල් මකාලන්න මා හද නිවා…
තරුවැල් පවා…සරදම් කලා…
හද පොපියනා…මේ ආදරේ…

ඔබ මට දුන්න…
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ…
මා ජීවිතේ…

ඔබ පණ දුන්න
අද බිදලන්නේ ඇයි සොදුරියේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

සංසාරයේ…පෙරුමන් පුරා…
ආලෙන් බැදී ඉන්න
වෑයම් කලා…අන්සතු නොවී…
ඔබ මගේම වී…රැකගත්තේ මා…
මේ ආදරේ…

ඔබ මට දුන්න…
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ…
මා ජීවිතේ…

ඔබ පණ දුන්න
අද බිදලන්නේ ඇයි සොදුරියේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

මා දිහා…
බලන් දිලිසෙනා නෙත් අගින්…
ආඩම්බරේ…
හැරදමා…
සිනාසෙන්නකෝ ආදරෙන්…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…