"Ashkhen Gevorkian" කියන රුසියානු ජාතික 'harp' වාදන ශිල්පිනිය තමයි මේ වීඩියෝ එකේදි මේ අපූරු වාදනය ඉදිරිපත් කරන්නෙ. 17 වෙනි සහ 18 වෙනි ශතවර්ෂයත් අතර කාලෙ ජීවත් වුණු සුප්රසිද්ධ ජර්මානු ජාතික සංගීතඥ "Johann Sebastian Bach" විසින් නිර්මාණය කරපු "Toccata and Fugue in D minor" කියන සංගීත සංධ්වනියෙ "harp cover" එකක් තමයි මෙයා මෙතනදි මේ විදිහට ඉදිරිපත් කරන්නෙ.
