🏏👰🏏 මහේල ජයවර්ධනගේ දෙවන විවාහය නටාෂා සමග 🏏👰🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    natasha-makalanda-mahela-wife-divorced


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා නව පුහුණු උපදේශක 44 හැවිරිදි මහේල ජයවර්ධන පළමු විවාහයෙන් දික්කසාදවීමෙන් පසු අලුත් විවාහයකට පිවිසි බවට තොරතුරු වාර්තාවෙයි.මීට දින දෙකකට පෙර දෙසැම්බර් 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ විවාහ උත්සවය පැවැත්වුණ බවත් නටාශා මාකලන්ද සමග ඔහු විවාහවූ බවත් විස්තර වාර්තාවේ.

    මහේලගේ මුල් විවාහය 2005-2018 කාලයේ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග පැවති අතර ඔවුන්ගේ එකම දියණිය සන්සා ආර්යා දැන් 8 හැවිරිදි වියෙහි පසුවන්නීය. 2018 මහේල බිරියගෙන් වෙන්වූ පසු දියණිය සිටින්නේ ඇය භාරයේය. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ලකුණු 10,000 රැස් කළ ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වන මහේල හෙවත් ‘මයියා‘ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තවත් කාලයක් රැඳෙනු ඇති බවට විශ්වාසය පවතිද්දී 2014දී ඔහු අනපේක්ෂිත ලෙස කල් ඇතිවම ඉන් සමුගත්තේ දියණිය උපත ලැබීමෙන් පසු පවුල වෙනුවෙන් කාලය ගතකරන බව පවසමිනි.

    පසුව ඔහු අයිපීඑල් මුම්බායි පිල වෙනුවෙන් විශාල කාලයක් මිඩංගු කළ අතර එම සියලු බැඳීම් වලින් නිදහස්වූයේ මෙම වසරේදීය. ගතවූ කාලයේ ඔහු පවුල වෙනුවෙන් අඩුවෙන් කාලය ගත කළ අයුරු හා විවාහ ජීවිතයේ හැලහැප්පීම් වලට මුහුණදුන් බවට විවිධ ආරංචි වරින්වර පැතිරිණි. මහේල ජයවර්ධන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ 2005 නොවැම්බර් 3 වැනි දින විවාහ වූ අතර මෙම යුවළට දරුවෙකු ලැබුනේ විවාහයෙන් වසර 8 කට පසුය.
    ශ්‍රී ලාංකික - ඩෙන්මාර්ක දෙමාපියන්ට දාව උපන් ක්‍රිස්ටිනා වෘත්තියෙන් සංචාරක උපදේශකවරියකි. ඇය ඩෙන්මාර්කයේ උපත ලැබූ අතර, ඇයට යන්තම් අවුරුදු දෙකේදී නිවාඩුවකට තම දෙමාපියන් සමඟ ලංකාවට පැමිණ පසුව 1990 දී ස්ථිරව පදිංචි වූ බවත් මහේලව සාදයකදී මුණගැසී දැනහඳුනාගත් බවත් පැවසිණි. ඔවුනගේ විවාහයේ ඇතිවූ ප්‍රශ්න ප්‍රසිද්ධ කර නැත.

    කෙසේ වෙතත් 2018-2019 කාලයේ මේ දෙන්නාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පවුලේ විස්තර වෙනස් කර තිබීම හා ඡායාරූප ඉවත් කිරීම් වැනි සංසිද්ධි නිසා ක්‍රීඩා ලෝලීන් මහේලගේ පවුලේ අර්බුදයක් ගැන වැඩි පුර කතාකර තිබුණි. මේ අතර පසුගිය 2021 ඔක්තෝබර් මාසයේ මහේල පුවත්පතකට පවසා තිබුනේ කොරෝනා බුබුලට හිරවීම හේතුවෙන් තමා දින 135 කින් දියණිය දැක නැති බවයි.

    මහේලගේ අලුත් විවාහය පසුගිය 18 වනදා නටාශා මාකලන්ද සමග සිදුව ඇති අතර ඇය ඔහුට මුණගැසෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරද්දී යයි අනුමාන කෙරේ. ඇය ගැන වැඩි විස්තර තවම වාර්තාවී නැත. ලබන ජනවාරි 01 වනදා සිට ශ්‍රී ලංකා පිලේ පුහුණු උපදේශක තනතුර භාරගන්නා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අලුත් ගමනකටද මුලපුරනු ඇත.




    AVvXsEhCXjNLSCFilj5_rsTV74w3KHMkzeJOhBgh3otxYCGOgo_WJzDFhWZ9gpsa2nLPgYaEcxBAWE6E7IdnMwJ3q62tiOSdHOcyxWQizozFczEqxVW8htv-SwulmaYT6cFhp85mMDfFmfNihH5HwnLoHI2TJNTyH9--lw0b-98pGb0Ln8xidO5gnIjV_roRfQ=s16000



    Source: gossiplankanews.com
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නළු නිළියෝ ට තිබ්බ divorce ගාය දැන් cricket වලටත් බැහැලා.
    ඒක එයාලගේ private life එක. අපට අදාල නෑ
    නමුත් දෙමවුපියෝ දෙන්න එකට හොඳ බැඳීමකින් ඉන්න ඒක ළමයින්ට පට්ට ගැම්මක්. Divorce වෙච්ච පවුල ක ඉන්න ළමයි පව්. හරියටම අම්මාගේ තාත්තාගේ ආදරය නෑ නේ..