තලේබාන් හමුදා අගනුවරට ඇතුලු වීමත් සමග ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට (Ashraf Ghani) රට හැර යාමට සිදු විය.ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය හේතුවෙන් තලේබාන් සංවිධානයේ බලය තවත් වැඩි විය.
පාකිස්තාන ක්රිකට් ක්රීඩක සහ හිටපු නායක ෂහීඩ් අෆ්රිඩි (Shahid Afridi) ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට සහය පල කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
එම පාලනයට සහය පල කර ඇත්තෙ මෙවර ඔවුන් ධනාත්මක ප්රවේශයකින් පැමිණ ඇති බවත් තලේබාන් සංවිධානය ක්රිකට් ක්රීඩාවට සහයෝගය දක්වන බවත් ක්රීඩාවට බෙහෙවින් කැමති බවත් ෂහීඩ් අෆ්රිඩි පෙන්වා දී ඇත.
1994දී ආරම්භ වූ තලේබාන් සංවිධානය මීට සති කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සහ තවත් නගර කීපයක්ම තමන් යටතට පත්කර ගැනීමට සමත් වූහ.
Source: nethgossip.lk