බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති.
බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ ‘ජරාරකුස්සු’ නමැති වැලි පොළොං විශේෂයයි. බ්‍රසීලයට ආවෙණික විශාලතම පොළොං විශේෂය මෙයයි.
පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම පර්යේෂණයට දායක වී ඇත්තේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.
සොයා ගත් නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
Source: nethgossip.lk
වැඩිදුර තොරතුරු:
Brazilian viper venom may become tool in fight against COVID, study shows
