ඊයෙ තමයි මේ චිත්‍රපටිය බලන්න ලැබුණෙ. බැලුවට පස්සෙ ඒ ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න ඕන කියලා හිතුණා.
තමන්ගෙ දියණියගෙ අකල් මරණයෙන් ටික කලකට පස්සෙ ජෝන් සහ ලෝරා බැක්සටර් කියන යුවල එංගලන්තයේ තමන් පදිංචි වෙලා හිටපු නිවස අතෑරලා ඉතාලියේ 'වෙනීස්' (Venice) නගරයට පැමිණෙනවා. මීට ප්‍රධාන වශයෙන් හේතුවෙන්නෙ වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුණු ජෝන් බැක්ස්ටර් වෙනීස් නගරයේ පිහිටලා තියෙන පැරණි කතෝලික පල්ලියක් ප්‍රතිසංස්කරණය කරන කාර්යයේ වගකීම බාර ගැනීමයි. මේ විදිහට මේ අඹුසැමි යුවල වෙනීස් නගරයට පැමිණියාට පස්සෙ ඔවුන්ට මුහුණ දෙන්න වෙන අද්භූත සිද්ධි දාමයක් ඔස්සේ තමයි 1973 වසරේදි තිරගත කරපු "Don't Look Now" කියන "Psychological thriller / Horror / Mystery" ගනයන්ට අයත් වෙන චිත්‍රපටයේ කතාව ගලා යන්නේ. බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට නවකතා රචිකාවියක් වුණු "Daphne du Maurier" විසින් 1971 වර්ෂයේදි රචනා කරපු "Not After Midnight, and Other Stories" කියන ග්‍රන්ථයේ ඇතුළත් වුණු "Don't Look Now" කියන කෙටි කතාව ඇසුරෙන් "Allan Scott" සහ "Chris Bryant" විසින් රචනා කරපු තිර පිටපතකට අනුව බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වුණු "Nicolas Roeg" විසින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරනු ලැබුවේ. ප්‍රවීණ රංගන ශිල්පී, ශිල්පිනී යුගලයක් වුණු "Julie Christie" සහ"Donald Sutherland" විසින් ප්‍රධාන චරිතයන්වලට පණ පොවපු "Don't Look Now" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය සිදු කරනු ලැබුවේ "Anthony Richmond" සහ "Pino Donaggio" විසිනුයි.
Official Poster
බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Nicolas Roeg"
"Julie Christie", "Donald Sutherland" සහ අධ්‍යක්ෂ "Nicolas Roeg" රූපගත කිරීම් අතරතුර
"Don't Look Now" චිත්‍රපටයේ ඇතුලත් වුණු සුවිශේෂ කතා තේමාවන් (වියෝ දුක සහ දරුවෙකුගේ අකල් මරණය මාපිය යුවළකගේ සබදතාවයට කරන බලපෑම පිළිබදව මනෝවිද්‍යාත්මක පැතිකඩකින් ගවේෂණය කිරීම) සහ චිත්‍රපටයේ දකින්න ලැබුණු පෙරළිකාර සංස්කරණ ශෛලිය (Innovative editing style) නිසා ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාරවලට වගේ සම්මාන රාශියකට උරුමකම් කියන්න "Don't Look Now" චිත්‍රපටය සමත් වුණත් මේ චිත්‍රපටිය සිනමා ක්ෂේත්‍රය තුළ ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණේ වෙනත් කාරණයක් හේතුවෙනුයි. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවන "Julie Christie" සහ"Donald Sutherland" විසින් නිරූපණය කරපු මිනිත්තු ගණනාවක් පුරාවට දිවයන ලිංගික දර්ශන ඇතුළත් ජවනිකාවක් (Sex scene) මේ චිත්‍රපටයට ඇතුළත්ව තිබීමයි. ප්‍රධාන ධාරාවට අයත් වුණු චිත්‍රපටයක (Mainstream movies) මීට පෙර කිසිම අවස්ථාවක දැකගන්න නොලැබුණු විදිහෙ ජවනිකාවක් වුණු "Don't Look Now" චිත්‍රපටයෙ තිබ්බ මේ ජවනිකාව කොච්චර ආන්දෝලනයක් ඇති කළා ද කියනවා නම් ඒ වෙනකොට රංගන ශිල්පිනී "Julie Christie" ගේ පෙම්වතාව හිටපු තවත් ප්‍රවීණ හා ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙක් වුණු "Warren Beatty" චිත්‍රපටයෙන් මේ ජවනිකාව ඉවත් කරන්න කියලා චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට බල කරපු බවටත් වාර්තා ලැබිලා තියෙනවා. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.
වර්තමානයේ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසින් නිර්මාණය කරපු චිත්‍රපට රාශියකටම මේ "Don't Look Now" චිත්‍රපටයේ ආභාෂය ගොඩක් දුරට ලැබිලා තියෙනවා. විශේෂෙන් "Ari Aster" විසින් අධ්‍යක්ෂණය කරපු "Hereditary" චිත්‍රපටයේ ඉදලා Steven Spielberg, Danny Boyle, Lars von Trier, Steven Soderbergh, David Cronenberg, Martin McDonagh, Christopher Nolan දක්වා වුණු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු රාශියකගේම චිත්‍රපටවල "Don't Look Now" චිත්‍රපටයෙන් ලබාගත්තු ආභාෂය හොදින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ පිළිබදව වැඩිදුර තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.
තව එකක් කියන්න ඕන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත 2 න් එකකට පණ පොවපු ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Donald Sutherland" ගිය අවුරුද්දෙ ජූනි මාසෙදි අපි අතරින් වෙන්වුණා.
"Hunger games" සිනමාපට මාලාවේ ඇතුළත් වුණ "President Snow' ගෙ චරිතෙට පණ පෙව්වෙත් "Donald Sutherland" විසින්ම තමයි. එදා මෙදා තුර සිනමා ක්ෂේත්‍රයේ හිටපු ප්‍රතිභාපූර්ණම රංගන ශිල්පියෙක් තමයි මෙතුමා. 
"Hunger games" සිනමාපට මාලාවේ ඇතුළත් වුණ "President Snow' ගෙ චරිතෙට පණ පෙව්වෙත් "Donald Sutherland" විසින්ම තමයි. එදා මෙදා තුර සිනමා ක්ෂේත්‍රයේ හිටපු ප්‍රතිභාපූර්ණම රංගන ශිල්පියෙක් තමයි මෙතුමා. 
p.s: ත්‍රෙඩ් එක බලපු අය පුළුවන් නම් තව කෙනෙක්ට බලන්න හරි ත්‍රෙඩ් එකට අඩුම තරමෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. දාන ත්‍රෙඩ් වෙන කෙනෙක්ටවත් බලාගන්න නැතුව යට යනවා නම් මේවා කාලෙ අරන් ලියන එකේ තේරුමක් නෑ.
Last edited: