👩‍❤️‍👨🎬 "කාල තරණය" සම්බන්ධ කතා තේමාවක් තියෙන "Rom-Com" ටයිප් එකේ ලස්සන චිත්‍රපටියක් - "Happy Accidents (2000)" 🎥💞

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    කාල තරණෙ එහෙම නැත්නම් "Time travel" සම්බන්ධ කතා තේමාවක් තියෙන "Rom-com" ටයිප් එකේ අපූරු චිත්‍රපටියක් ගැන තමයි අද කියන්න යන්නෙ. The Machinist (2004), Session 9 (2001), TransSiberian (2008) වගේ හොද සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරපු හුගක් 'underrated' චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන "Brad Anderson" විසින් තමයි මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් සිදු කරලා තියෙන්නෙ. හොලිවුඩයෙ ඉන්න ප්‍රවීණතම නළු නිළි දෙපළක් වෙන "Marisa Tomei" සහ "Vincent D'Onofrio" යි මේ චිත්‍රපටියෙදි පෙම්වතුන් විදිහට ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

    ඇමරිකාවෙ නිව්යෝර්ක් නගරයෙ ජීවත් වෙන 'රූබි' කියන කාන්තාවත් (Marisa Tomei), තමන් 2470 අවුරුද්දෙ ඉදලා අතීතෙට කාල තරණය කලා කියලා කියන 'සෑම්' කියන පුද්ගලයත් (Vincent D'Onofrio) අතරෙ ඇතිවෙන අපූරු ආදර සම්බන්ධතාවයක් තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන කතා තේමාව වෙලා තියෙන්නෙ. කතාව, දෙබස් වගේම "Marisa Tomei" ගෙයි, "Vincent D'Onofrio" ගෙයි රගපෑම් නම් චිත්‍රපටියෙදි අති විශිෂ්ටයි කියලා තමයි කියන්න තියෙන්නෙ.:love: දෙන්නගෙ 'On screen chemistry" එක නම් අයෙ "Top notch" කියන්න පුළුවන්. ඒ තරමට හොදයි.:yes: මේ චිත්‍රපටිය බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න. ඒ තරම් හොද, වැඩිය කතා බහට ලක් නොවෙන, වැඩි දෙනෙක් නොදන්න වගේම හැමදාම දකින "Rom-com" ටයිප් එකේ චිත්‍රපටිවලට වඩා සෑහෙන වෙනස් විදිහෙ කතාවක් තියෙන සෑහෙන 'underrated" චිත්‍රපටියක්. Highly Recommended. :yes: :)


    44bf280e888832d1b8c9822eada4a94756d1c13b2c7710e3d2a42ca512f30cba.jpg




    time-donofrio-and-tomei-full.jpg


    MV5BMmIxNWU0ZmUtMDMwOS00NzgyLTg5YjYtMmQyMTI2ZWU1MDdiXkEyXkFqcGc@._V1_.jpg


    happy-accidents-1200-1200-675-675-crop-000000.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    download link
    ඩවුන්ලෝඩ් ලින්ක්ස් නම් ත්‍රෙඩ් එකේ දාන්න විදිහක් නෑ, බ්‍රෝ. සොරි. :sorry: ටොරන්ට් සයිට්ස්වල වල DVDrip එක තියෙනවා. සර්ච් කරලා බලන්න.