හදිසි අනතුරක් නිසා තමන්ගෙ දකුණත අහිමි වුණත් තමන් ආදරේ කරපු වයලීනයට සමු දුන්නෙ නැති ධෛර්යවන්ත, දක්ෂ වයලින් වාදන ශිල්පිනියක් වෙන ජපාන ජාතික "Manami Ito" තමයි මේ ඉන්නෙ. 2004 වසරෙදි තමන් අධ්‍යාපනය ලබමින් හිටපු හෙද පුහුණු පාසලට යමින් සිටින අතරවාරයේ සිද්ධවුණු යතුරුපැදි අනතුරක් නිසා තමයි ඇයට තමන්ගෙ දකුණත අහිමි වෙලා තියෙන්නෙ. ඒ වන විට "Manami Ito" පසුවුණේ විසිවැනි වියේයි. වයලීන් වාදනයට අමතරව වෘත්තියෙන් හෙදියක් විදිහට කටයුතු කරන ඇය, ජපානය නියෝජනය කරමින් පැරාඔළිම්පික් තරගාවලියේ පිහිනුම් තරග සදහාත් සහභාගි වෙලා තියෙනවා.
සැමියා සහ දියණියන් දෙදෙනා සමග