දශක ගණනාවක් තිස්සෙ බ්‍රිතාන්‍යයෙ 'BBC' නාළිකාව ඔස්සේ විකාශය වුණු ජනප්‍රිය සංගීත වැඩසටහනක් වෙච්ච "Top of the Pops" වල ප්‍රධාන පසුබිම් නර්තන කණ්ඩායම විදිහට කාලයක් කටයුතු කරපු "Pan's People" කියන ප්‍රසිද්ධ කාන්තා නර්ථන කණ්ඩායම තමයි මේ. මේගොල්ලො 1960 දශකයේ අගභාගයේ ඉදලා 1970 දශකයේ මැදභාගය වෙනකම්ම "Top of the Pops" වැඩසටහන් වෙනුවෙන් නර්ථන දායකත්වෙ ලබාදීලා තියෙනවා. මේගොල්ලො කවුද කියලා හරියට දැනගෙන නොහිටියත් හුග දෙනෙක් මේගොල්ලන්ගෙ ඩාන්සින් වීඩියෝ නම් අනිවා බලලා ඇති.

