නව Trophies ඇඩ් කල යුතුයි
එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
rep නැවතත් අවශ්‍ය බව
හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
පරණ rep system එකේ වාසි වලට වඩා abuse කිරීම් බොහොම වැඩි. අලුත් reaction score system එකේ පරණ system එකේ හැම වාසියම වගේ තියනවා, ඒවගේම ඉස්සර තරම් abuse කරන්නත් ලේසි නැහැ.
නමුත් දැන් අපිට ඉස්සර වගේ moderate කරන්න හොයල බලන්න වෙලාවක් නැති නිසා බොහෝ දෙනෙක් කට්ටි හැදිලා points වලටම, එතරම් වැඩක් නැති පොස්ට් දාමින් එකිනෙකාගේ පොස්ට් like කර ගන්නවා. ඒවාටම වෙනම phone number පවා අරන් ID හදාගෙන.
මේ නිසා කවදාවත් නැතුව ඉතා වේගයෙන් දවසට විශාල පොස්ට් ප්‍රමානයක් එකතු වෙන නිසා server resource මදිවෙන ස්වබාවයක් අව. එනිසය් මේ trophy system එකේ ඉතුරු ටික දාන එක පමා කරලා තියෙන්නේ.
සමහර මේවගේ පොස්ට් විශාල ප්‍රමාණයක් මැකුව. මේවා කරන අය ban කරලා වෙන රටවල වගේ ඉක්මනින් මේව විසදන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ එළකිරි එකේ ඉතා පරණ members ල, ඒවගේම මේ points නිසා මෙහෙම හැසිරුනට අනික් දේවල් වලින් ලොකු වරදක් නැති මිනිස්සු. එනිසා ban කරලා මේක විසදනවා වෙනුවට human moderation තම අවශ්‍ය.
ඔය කියන විදියට එළකිරි එකේම 2 නෙකුට වගේ moderate කරන්න දුන්න. සාර්ථක නැහැ.
පැත්තක් අරන් හෝ, machine එකක් වගේ moderate කරනවට වඩා ප්‍රශ්නයක් තෙරුන් අරන් අවම හානියක් වෙන විදියට moderate කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක ඉතා අමාරු දෙයක්. නමුත් ඉදිරියේදී බලමු.
Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි
sad smile එකට points අඩු කලොත් දුක හිතෙන දෙයක් දැම්මත් කට්ටිය sad smile දාපු ගමන් දාපු කෙනාගේ points අඩු වෙනවා.
එනිසා dislike එකටය් points අඩු වෙන්නේ.
ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
time එකේ තම ප්‍රශ්නේ තියෙන්නේ. දැනට ඉතින් පුළුවන් වේගෙන් තම කරන්නේ. ඉස්සරහට වැඩි දියුණු කරන්න බලමු.
යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.
A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
තමන්ගේ profile එකේ මේවට අමතරව තමන්ගේ පොස්ට් විතරක් නෙමෙය්, වෙන කෙනෙක් දාන පොස්ට් පවා මකා ගන්න හැකියාව ලබා දීල තියනවා.
නමුත් forum එකක් වගේ public community එකක ඔය කියන දේවල් හරි යන්නේ නැහැ
උදා..
යම් දෙයක් තමන් කියල තමන්ට අවාසි දායක දේවල් වෙනත් කෙනෙක් කියනකොට thread එක close කරලා අනික් කෙනාව නිහඩ කරන්න පුළුවන්.
තමන් යම් වංචාවක් කරලා අහු වෙන්න යනකොට තමන්ව අයේ හොයා ගන්න බැරිවෙන්න profile, thread ඔක්කොම මකල මාරු වෙන්න පුළුවන්.
දාපු කෙනා වෙනස් කලාම quote කරපු හැමෝගෙම පොස්ට් auto edit උනොත් කියපු කෙනාට ඉතා පහසුවෙන් කියපු දේ වෙනස් කරලා එහෙම දෙයක් නොකියපු ආකාරයට සම්පුර්ණ thread එකේම සාක්කි වෙනස් කරන්න පුළුවන්.
අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
එතකොට ලේසියෙන්ම අපහාස කරන්න ඕන කාවහරි ignore කරලා හැම තැනම එය ගැන බොරු ලිය ලිය යන්න පුළුවන්.. එයාට පෙන්නේ නැහැනේ.
කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
එතකොට පරණ thread බලන මිනිස්සු අතරමන් වෙනවනේ. එවල දාපු images ඔක්කොම නැති වෙනවා.
paid membership ක්‍රමයක් ඇතිකිරිම
විශාල ප්‍රමාණයක් paid membership අරන් ලොකු මුදලක් මාසිකව එකතු උනේ නැති නම් paid මෙම්බෙර්ශිප් එකකට සාදාරණයක් වෙන විදියේ පහසුකමක් දෙන්න බැහැ. උදාහරණයක් විදියට paid membership ගත්ත සුළු පිරිසකට විතරක් මාසිකව පොඩි මුදලකට 500MB image uploading space එකක් දෙන්න බැහැ. එකට මුලින් වගේම මාසිකව ලොකු මුදලක් වැයවෙනවා. ලොකු පිරිසක් ඉල්ලුවොත් තම වියදම බෙදිලා ගිහින් එහෙම දෙයක් පවත්වන් යන්න පුළුවන්. බොහෝ දෙනෙක් පාවිච්චි කරන shared hosting වල බොරු marketing වලට ලොකු ලොකු ප්‍රමාණ space bandwidth පොඩි ගණන් වලට තිබ්බට, ඇත්ත ලෝකේ එහෙම අඩුවට නැහැ.
අනික ලංකාවේ අයගෙන් Rs 1 ගත්තත් ඊට පස්සේ ලක්ෂයක talk අහන්න වෙන නිසා අපි අතින් වියදම් කරලා කරන් යන එක ලේසි.