💥☢️ "Trinity' න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමට පෙර සිදුකළ "TNT ටොන් 100 පිපිරුම" ☢️🔥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    ලෝකයේ සිදු කළ පළවෙනි න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම වුණු 'Trinity' න්‍යෂ්ටික පිපිරුම සිදු කිරීමට ප්‍රථමව, ඊට පෙර සූදානමක් ලෙස, එහෙමත් නැත්නම් පෙර පුහුණුවීමක් ලෙස TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 100 ක් භාවිතා කරමින් සිදු කළ පිපිරුමේ පටිගත කළ වීඩියෝව තමයි මේ පහතින් දක්වලා තිබෙන්නේ. පොළව මට්ටමේ සිට අඩි 20 ක් පමණ ඉහළින් වන්නට ඉදිකළ වේදිකාවක් මත ඇතිරූ TNT පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ කුඩා බහලුම් පෙට්ටි රාශියක් මෙහිදී යොදාගෙන තිබෙන අතරම නිවැරදිවම පැවසුවොත් මේ බහලුම් පෙට්ටිවල ගබඩා කර තිබූ මුළු TNT පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 108 අගයක් ගනු ලැබුවා. 1945 වසරේ මැයි 07 වන දින, Trinity න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේ සිට යාර 800 ක් පමණ ඈතින් වන්නටව තමයි මේ පිපිරුම සිදු කරනු ලැබුවේ. මෙම පිපිරුම සැතපුම් 60 ක පමණ දුරකට දිස්වුණු බව ද පැවසෙනවා.

    - මෙය "Trinity and Beyond" නම් වාර්තා චිත්‍රපටයෙන් උපුටා ගන්නා ලද වීඩියෝවකි -

    පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ වේදිකාව

    original.jpg

    Trinity_Test_-_100_Ton_Test_-_High_Explosive_Stack_002.jpg

    100-ton-tnt-test-1.jpg

    100-ton-tnt-test-1.jpg

    "Trinity' න්‍යෂ්ටික අත්හදා බැලීමේ විශේෂ අවස්ථාවන් වර්ණ මාධ්‍යයයෙන්

    මේ තියෙන්නෙ ඇමරිකන් military contracting company එකකින්, ඉරාකෙදි කරපු TNT ටොන් 100 ක explostion එකක්. මේ වීඩියෝ එක නම් 2016 දි රෙකෝර්ඩ් කරපු එකක්. :yes:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    Tsar Bomba video eka dekala marana baya awa
    "Tsar bomba" එකටත් වඩා nuclear weapons වල තියෙන භයානකකම කොච්චරක් ද කියලා මට නම් තේරුණේ ඇමරිකාවෙන් කරපු ලොකුම "thermonuclear weapon test" එක වෙච්ච Castle bravo test එකයි, ඇමරිකාවෙ කරපු ලෝකෙ පළවෙනි "thermonuclear weapon test" එක වුණු "Ivy Mike test" එකෙයි වීඩියෝ එකයි බැලුවම. "Tsar bomba" වලට වඩා හුගක් පැහැදිලි විදිහට මේ ටෙස්ට් දෙකේ footages රෙකෝර්ඩ් කරලා තියෙනවා, ඒකයි. :yes:

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    Tsar Bomba video eke dark vibe ekak tiyenawa mata nam
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ලෝකය විනාශ කරනව තේරුමක්නැතුව.

    ලෝකය විනාශ වෙන් නෑ බං. ලෝකයක් විනාශ කරන්න අපි වගේ puny ජීවි කොට්ටාසයකට බෑ. මේවගෙන් මිනිස්සුම තාම නැති වෙන්නේ. ලෝකෙම තියන පරමාණු බෝම්බ ඔක්කොම එක පාර පිපිරුවත් ලෝකේ settle වෙනවා කාලයත් එක්ක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    හොඳ documentary ටිකක් කියන්නකො මචන්
    Inside Job (2010)
    Going Clear: Scientology and the Prison of Belief (2015)
    The Witness (2015)

    Capturing the Friedmans (2003) - මේකෙ නම් හුගක් අවුල් කතාවක් තියෙන්නෙ. සංවේදී කෙනෙක් නම්, විශේෂෙන් ළමයි ඉන්න දෙමව්පියෙක් නම් ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ සිද්ධියෙ පසුබිම ගැන හොයලා මේ documentary එක බලන්න. Sexual abuse investigation එකක් ගැන සිද්ධියක් තියෙන්නෙ. ඔස්කාර්වල Best documentary feature එකට පවා නොමිනේට් වෙච්ච documentary එකක්.

    Three Identical Strangers (2018)

    The Lost Leonardo (2021)
    Zero Days (2016)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    ලෝකය විනාශ වෙන් නෑ බං. ලෝකයක් විනාශ කරන්න අපි වගේ puny ජීවි කොට්ටාසයකට බෑ. මේවගෙන් මිනිස්සුම තාම නැති වෙන්නේ. ලෝකෙම තියන පරමාණු බෝම්බ ඔක්කොම එක පාර පිපිරුවත් ලෝකේ settle වෙනවා කාලයත් එක්ක.
    ලෝකය කියලා අදහස්කලේ මිනිස්සුත් එක්ක තමයි, මොකද පරිසරය දූෂණය වුනොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. මිනිස්සු නැතිවුනාට පස්සෙ ලෝකෙ තිබ්බත් එකයි නැතත් එකයි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ලෝකය කියලා අදහස්කලේ මිනිස්සුත් එක්ක තමයි, මොකද පරිසරය දූෂණය වුනොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. මිනිස්සු නැතිවුනාට පස්සෙ ලෝකෙ තිබ්බත් එකයි නැතත් එකයි.

    මිනිස්සු නැතිව සත්තු ඉදි. මිනිස්සු ආයේ කවදාහරි පරිණාමය වෙයි. :yes:
     
    Similar threads