ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කරපු න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් 35 කින් සමන්විත වෙච්ච "Operation Hardtack I" කියන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහන යටතේ සිදු කරපු "Umbrella' කියන කේත නාමයෙන් හදුන්වපු මුහුද යට සිදු කරපු න්‍යෂ්ටික පිපිරුමේ (underwater nuclear test) මීට කලින් නොදැකපු කොටස් ඇතුළත් වෙච්ච වීඩියෝවක් තමයි මේ තියෙන්නෙ.1958 වසරේ ජූනි වෙනිදා පැසිෆික් සාගරයට අයත් "Enewetak Atoll" කියන ප්‍රදේශයෙදි මේ න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම සිදු කරනු ලැබුවේ එම ප්‍රදේශයේ වේලාවෙන් උදෑසන 11:15 ටයි. පිපිරුම් ශක්තිය (blast yield) විදිහට කිලෝටොන් 8 ක අගයක් (මෙය Trinity න්‍යෂ්ටික අවි පිපිරුමෙන් නිකුත් වූ පිපිරුම් ශක්ති අගයට වඩා තුන් ගුණයකින් පමණ අවම වූ පිපිරුම් ශක්ති අගයකි) නිකුත් කරපු "Umbrella' න්‍යෂ්ටික පිපිරුමත් සමග නිකුත් වුණු ජල කද දැවැන්ත වළාවක ආකාරයෙන් මීටර 1500 ක් පමණ ඉහළට විසිරී යාම මෙහිදී සිදුවුණා. මේ පිපිරුමත් සමග මුහුදු පතුලේ විෂ්කම්භය මීටර 910 ක් සහ මීටර 6.1 ගැඹුරු ආවාටයක් ද නිර්මාණය වී තිබෙනවා. මේ පිපිරුමත් සමග ඉහළට පැන නැගුණු සාගර ජලකද සුනාමියක් (Tsunami) ආකාරයෙන් වෙරළබඩ ප්‍රදේශය කරා ඇදෙන ආකාරය මේ වීඩියෝව මගින් දැකබලා ගන්න පුළුවන්. වීඩියෝවේ දිස්වෙන නෞකාව "SS Michael Moran" නම් වෙළද නෞකාවයි. මේ නෞකාවට අමතරව තවත් නෞකා කීපයක්ම මේ න්‍යෂ්ටික අත් හදා බැලීම සදහා යොදාගත් අතර න්‍යෂ්ටික පිපිරුමක් මගින් නෞකාවන්ට සිදුවන හානි සහ එහි බලපෑම අධ්‍යයනය කිරීම මේ නෞකාවන් භාවිතා කිරීමේ මූලික අරමුණ වුණා.
සටහන: @Stimulus mind 
"Umbrella' න්‍යෂ්ටික පිපිරුම සිදුකළ මොහොතේ ලබාගත් ඡායාරූපය
"Operation Hardtack I" පිළිබදව නිර්මාණය කළ වාර්තා වැඩසටහන
"Umbrella' න්‍යෂ්ටික පිපිරුම සිදුකළ මොහොතේ ලබාගත් ඡායාරූපය
"Operation Hardtack I" පිළිබදව නිර්මාණය කළ වාර්තා වැඩසටහන
Last edited:
