💥🌊 න්‍යෂ්ටික අවි පිපිරුමක් මගින් ඇති කළ සුනාමි තත්ත්වය: Operation Hardtack I - Umbrella blast / Umbrella shot ☢️💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කරපු න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් 35 කින් සමන්විත වෙච්ච "Operation Hardtack I" කියන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහන යටතේ සිදු කරපු "Umbrella' කියන කේත නාමයෙන් හදුන්වපු මුහුද යට සිදු කරපු න්‍යෂ්ටික පිපිරුමේ (underwater nuclear test) මීට කලින් නොදැකපු කොටස් ඇතුළත් වෙච්ච වීඩියෝවක් තමයි මේ තියෙන්නෙ.1958 වසරේ ජූනි වෙනිදා පැසිෆික් සාගරයට අයත් "Enewetak Atoll" කියන ප්‍රදේශයෙදි මේ න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම සිදු කරනු ලැබුවේ එම ප්‍රදේශයේ වේලාවෙන් උදෑසන 11:15 ටයි. පිපිරුම් ශක්තිය (blast yield) විදිහට කිලෝටොන් 8 ක අගයක් (මෙය Trinity න්‍යෂ්ටික අවි පිපිරුමෙන් නිකුත් වූ පිපිරුම් ශක්ති අගයට වඩා තුන් ගුණයකින් පමණ අවම වූ පිපිරුම් ශක්ති අගයකි) නිකුත් කරපු "Umbrella' න්‍යෂ්ටික පිපිරුමත් සමග නිකුත් වුණු ජල කද දැවැන්ත වළාවක ආකාරයෙන් මීටර 1500 ක් පමණ ඉහළට විසිරී යාම මෙහිදී සිදුවුණා. මේ පිපිරුමත් සමග මුහුදු පතුලේ විෂ්කම්භය මීටර 910 ක් සහ මීටර 6.1 ගැඹුරු ආවාටයක් ද නිර්මාණය වී තිබෙනවා. මේ පිපිරුමත් සමග ඉහළට පැන නැගුණු සාගර ජලකද සුනාමියක් (Tsunami) ආකාරයෙන් වෙරළබඩ ප්‍රදේශය කරා ඇදෙන ආකාරය මේ වීඩියෝව මගින් දැකබලා ගන්න පුළුවන්. වීඩියෝවේ දිස්වෙන නෞකාව "SS Michael Moran" නම් වෙළද නෞකාවයි. මේ නෞකාවට අමතරව තවත් නෞකා කීපයක්ම මේ න්‍යෂ්ටික අත් හදා බැලීම සදහා යොදාගත් අතර න්‍යෂ්ටික පිපිරුමක් මගින් නෞකාවන්ට සිදුවන හානි සහ එහි බලපෑම අධ්‍යයනය කිරීම මේ නෞකාවන් භාවිතා කිරීමේ මූලික අරමුණ වුණා.

    ✍️ සටහන: @Stimulus mind ✍️

    "Umbrella' න්‍යෂ්ටික පිපිරුම සිදුකළ මොහොතේ ලබාගත් ඡායාරූපය

    Hardtack_Umbrella_nuke.jpg

    "Operation Hardtack I" පිළිබදව නිර්මාණය කළ වාර්තා වැඩසටහන

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    මාළු පට්ට තොගයක් මැරෙන්න ඇති නේද???
    :dull: :(

    Unta owala radioactive awulak nadda banz?
    ඔය Hardtack operation එකේදී හුගක් underwater blast test කරලා තියෙනවා. එක ටෙස්ට් එකක් කරලා ඉවර වුණාට පස්සෙ 200 ක විතර crew එකක් ඉන්න decontamination Unit එකකින් ඒ නැව් decontamination කරලා රෙපෙයාර් කරන්න යවනවා ඊළග ටෙස්ට් එකේදී ඒ නැව් ආයෙ පාවිච්චි කරන්න. ඒවට දායක වුණු ඒ crew එකේ safety එකයි, කොච්චර විකිරණ ප්‍රමාණෙකට නිරාවරණෙ උනාද කියන එක ගැන හරියටම තොරතුරු එළි කරලා නැතිලු මේ වෙනකම්. මේක විතරක් නෙවේ අනිත් nuclear test කරන්න දායක වෙච්ච හුගක් අය radiation වලට expose වෙලා තියෙනවා කියලා තමයි කියන්නෙ. Trinity test එක කරපු area එකේ ජීවත් වෙන හුගක් අයට අදටත් කැන්සර්, මළ දරු උපත්, විකලාංග වෙච්ච ළමයි පවා හම්බවෙනවා කියලා කියනවා trinity test එකයි nevada test site එකේ කරපු අනිත් ටෙස්ට් වල ඩිරෙක්ට් බලපෑම නිසා.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,132
    113
    6°54′N 79°54′E

    Japs nuke karata wadiya radioactive ekak yankiyo kara gena athine bams....unge territory eke...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    Japs nuke karata wadiya radioactive ekak yankiyo kara gena athine bams....unge territory eke...
    ඇමරිකාව, උන්ගෙ රට ඇතුළෙ විතරක් nuclear whepons 1032 ක් ටෙස්ට් කරලා තියෙනවා. Hydrogen bomb test නම් ඔක්කොම වගේ කළේ පැසිෆික් සාගරේට අයිති areas වලදි. මොකද ඒවයේ blast yield එක atom bomb එකකට වඩා සෑහෙන වැඩියි. රට ඇතුළෙ ටෙස්ට් කරොත් radiation වලින් සෑහෙන ලොකු හානියක් වෙන්න තිබ්බ අවදානම අඩු කරගන්නයි එහෙම කළේ.
     
    Last edited:

    Similar threads