"RDS-6S" නමින් හැදින්වූ මෙම න්‍යෂ්ටික අවි අත් හදා බැලීම සෝවියට් දේශය විසින් සිදුකළ පළමු තාපන්‍යෂ්ටික අවි (thermonuclear weapon - හයිඩ්‍රජන් බෝම්බය) අත්හදා බැලීමයි. 1953 වසරේ අගෝස්තු 12 වන දින 'Semipalatinsk' නම් වූ සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සදහා යොදාගත් ප්‍රදේශයේදී සිදුකළ TNT කිලෝ ටොන් 400 ක ප්‍රබලතාවයකින් යුක්ත වූ මෙම තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ඇමරිකා එක්සත් ජනපදය විසින් හැදින්වූයේ "Joe 4" යන අනුවර්ථ නාමයෙනි.
තාපන්‍යෂ්ටික අවියක මූලික අදියරේදී (primary stage) සිදුවන විඛණ්ඩන (fission) ක්‍රියාවලිය සදහා ලිතියම්-6 ඩියුටරයිඩ්වලින් (lithium-6 deuteride) සැදුම්ලත් විඛණ්ඩන පිපිරුම් උපකරණයක් (fission implosion device) යොදාගන්නා අතර එහි ද්විතියික අවධිය (Secondary stage) ලිතියම්-6 ඩියුටරයිඩ්වලින් මගින් විලයනයට (fusion fuel) ලක් කරනු ලබන uranium-235 හෝ plutonium-239 ගෙන් සමන්විත යුරේනියම් ආවරණයක් වැසුණු සිලින්ඩරාකාර කුටීරයකින් ද සමන්විතව පවතී. මෙම තාප න්‍යෂ්ටික අවි සැලැසුම් ආකෘතිය සෝවියට් දේශය විසින් හදුන්වනු ලැබුවේ 'Sloika' යන නාමයෙනි. හයිඩ්‍රජන් නැතහොත් තාප න්‍යෂ්ටික බෝම්බයේ පියා ලෙස හදුන්වනු ලබන හංගේරියානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික න්‍යායයික භෞතික විද්‍යාඥයකු වූ "Edward Teller" (Oppenheimer සිනමාපටයේ "Edward Teller" ගේ චරිතයට පණ පොවනු ලබන්නේ "Benny Safdie" නම් රංගන ශිල්පියායි) මීට සමාන තාප න්‍යෂ්ටික අවි සැලැස්මක් මීට ඉහතදී ඉදිරිපත් කොට තිබුණ ද එතෙක් එම සැලසුම් ආකෘතිය ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රායෝගිකව අත්හදා බලා නොතිබිණි.
තාප න්‍යෂ්ටික අවියක මූලික සැකැස්ම
ඇමරිකාව විසින් 1952 වසරේදී පැසිෆික් සාගර දූපත් සමූහයක් වන මාර්ෂල් දූපත්වලට අයත් 'Elugelab' නම් දූපතෙහි වූ "Enewetak Atoll" ප්‍රදේශය මූලික කරගනිමින් සිදුකළ ඇමරිකා එක්සත් ජනපදයේ පළමු තාප න්‍යෂ්ටික අවි අත් හදා බැලිමේ වැඩසටහන වූ "Operation IVY" හී'දී යොදාගනු ලැබුවේ මීට වඩා මදක් වෙනස් වූ තාප න්‍යෂ්ටික අවි ආකෘති සැලැස්මකි. එම න්‍යෂ්ටික වැඩසටහන යටතේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ පළමු තාප න්‍යෂ්ටික අවි අත් හදා බැලීම 1952 වසරේ නොවැම්බර් මස 01 වනදා සිදු කරන ලදී. "Ivy Mike/Mike shot" ලෙස හදුන්වන ලද මෙම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම TNT මෙගා ටොන් 10.4 ක ප්‍රබලතාවයකින් (yeild) යුක්ත විය.
"Ivy Mike" තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම
Nuclear Weapons Primer 
Thermonuclear weapon 


ලිපිය සැකසුම: @Stimulus mind 

Last edited:

