💥🔥☢️ සෝවියට් දේශය විසින් සිදුකළ පළමු තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම: "RDS-6s" (Joe 4) ☢️🔥💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,075
    113
    XRALZGL.jpg


    "RDS-6S" නමින් හැදින්වූ මෙම න්‍යෂ්ටික අවි අත් හදා බැලීම සෝවියට් දේශය විසින් සිදුකළ පළමු තාපන්‍යෂ්ටික අවි (thermonuclear weapon - හයිඩ්‍රජන් බෝම්බය) අත්හදා බැලීමයි. 1953 වසරේ අගෝස්තු 12 වන දින 'Semipalatinsk' නම් වූ සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සදහා යොදාගත් ප්‍රදේශයේදී සිදුකළ TNT කිලෝ ටොන් 400 ක ප්‍රබලතාවයකින් යුක්ත වූ මෙම තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ඇමරිකා එක්සත් ජනපදය විසින් හැදින්වූයේ "Joe 4" යන අනුවර්ථ නාමයෙනි.


    "RDS-6S"තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම








    "RDS-6S" තාප න්‍යෂ්ටික අවිය

    DwGn4fjX4AAxSxz.jpg



    💥☢️ "RDS-6s" thermonuclear weapon ☢️💥



    තාපන්‍යෂ්ටික අවියක මූලික අදියරේදී (primary stage) සිදුවන විඛණ්ඩන (fission) ක්‍රියාවලිය සදහා ලිතියම්-6 ඩියුටරයිඩ්වලින් (lithium-6 deuteride) සැදුම්ලත් විඛණ්ඩන පිපිරුම් උපකරණයක් (fission implosion device) යොදාගන්නා අතර එහි ද්විතියික අවධිය (Secondary stage) ලිතියම්-6 ඩියුටරයිඩ්වලින් මගින් විලයනයට (fusion fuel) ලක් කරනු ලබන uranium-235 හෝ plutonium-239 ගෙන් සමන්විත යුරේනියම් ආවරණයක් වැසුණු සිලින්ඩරාකාර කුටීරයකින් ද සමන්විතව පවතී. මෙම තාප න්‍යෂ්ටික අවි සැලැසුම් ආකෘතිය සෝවියට් දේශය විසින් හදුන්වනු ලැබුවේ 'Sloika' යන නාමයෙනි. හයිඩ්‍රජන් නැතහොත් තාප න්‍යෂ්ටික බෝම්බයේ පියා ලෙස හදුන්වනු ලබන හංගේරියානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික න්‍යායයික භෞතික විද්‍යාඥයකු වූ "Edward Teller" (Oppenheimer සිනමාපටයේ "Edward Teller" ගේ චරිතයට පණ පොවනු ලබන්නේ "Benny Safdie" නම් රංගන ශිල්පියායි) මීට සමාන තාප න්‍යෂ්ටික අවි සැලැස්මක් මීට ඉහතදී ඉදිරිපත් කොට තිබුණ ද එතෙක් එම සැලසුම් ආකෘතිය ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රායෝගිකව අත්හදා බලා නොතිබිණි.

    තාප න්‍යෂ්ටික අවියක මූලික සැකැස්ම

    nw-3.jpg

    ඇමරිකාව විසින් 1952 වසරේදී පැසිෆික් සාගර දූපත් සමූහයක් වන මාර්ෂල් දූපත්වලට අයත් 'Elugelab' නම් දූපතෙහි වූ "Enewetak Atoll" ප්‍රදේශය මූලික කරගනිමින් සිදුකළ ඇමරිකා එක්සත් ජනපදයේ පළමු තාප න්‍යෂ්ටික අවි අත් හදා බැලිමේ වැඩසටහන වූ "Operation IVY" හී'දී යොදාගනු ලැබුවේ මීට වඩා මදක් වෙනස් වූ තාප න්‍යෂ්ටික අවි ආකෘති සැලැස්මකි. එම න්‍යෂ්ටික වැඩසටහන යටතේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ පළමු තාප න්‍යෂ්ටික අවි අත් හදා බැලීම 1952 වසරේ නොවැම්බර් මස 01 වනදා සිදු කරන ලදී. "Ivy Mike/Mike shot" ලෙස හදුන්වන ලද මෙම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම TNT මෙගා ටොන් 10.4 ක ප්‍රබලතාවයකින් (yeild) යුක්ත විය.

    "Ivy Mike" තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම








    ☢️ Nuclear Weapons Primer ☢️

    ☢️ Thermonuclear weapon ☢️




    ✍️💥☢️ ලිපිය සැකසුම: @Stimulus mind ☢️💥✍️
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    Elakiri forum ekata uba karana mehevara pattai.
    Thanks machan.
    ඇයි ඌ විතරද අපි කරන හරිය මදිද ? අඩේ සුපිරි ආහ්. මේක කියවල ඉවර වුණ ගමන් මතක් වුණේ අර ඉන්දියානා ජෝන්ස් එකේ nuclear scene එක බන්. :love2:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ඕක අත්හදා බලන වෙලේ විකිරණ පිට වෙන්නේ නැද්ද බං?
    වෙනවා එකයි එයාල ඒ ලොකේශන් වහල දාන්නේ. මාශල් අයිලන්ඩ් එකට අදත් යන්න දෙන් නෑ . උන් එකේ බොම්ම දෙකක් ටෙස්ට් කරනවා එ නිසා එකේ ගන්න දෙයක් නෑ . උන් පලවෙනි එක වතුරට දාන්නේ එකෙන් මුදටත් විකිරණ එකතු වෙනවා එක වෙන්න පයිලට් ට වැරදිලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,075
    113
    ඇයි ඌ විතරද අපි කරන හරිය මදිද ? අඩේ සුපිරි ආහ්. මේක කියවල ඉවර වුණ ගමන් මතක් වුණේ අර ඉන්දියානා ජෝන්ස් එකේ nuclear scene එක බන්. :love2:

    ෆ්‍රිජ් එකකට රිංගුවම nuclear explosion එකකින් බේරෙන්න පුළුවන් බව ඔප්පු කරපු ඓතිහාසික ෆිල්ම් එක. 🤒🤕🥴🥴🥴
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,075
    113
    ලොව පළමු න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වන 'Trinity' න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකොට අදට හරියටම වසර 78 යි. :yes:


    1945 ජූලි 16

    280px-TrinityDetonation1945GIF.gif


    Trinity_Site_Obelisk_National_Historic_Landmark.jpg




    මේ එළඹෙන්නේ 'OPPENHEIMER' සතියයි. :)💥

    Fz0MLD1WcBIAaxz






    💥තව දින 5 යි..... 💥
     
    Last edited:

    Similar threads