💨🌟🌠 විශ්වය හරහා ඉතා ඉහළ වූ ප්‍රවේගයකින් චලිතය වන අති දැවැන්ත තාරකාව: "Alpha Camelopardalis" 🌠🌟💨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    TNTCr38.jpg

    දිනය: 2023 අප්‍රේල් 28

    මුළු විශ්වයම පුරා පැතිර පවතින සෙක්ස්ටිලියන 200 (200,000,000,000,000,000,000,000) කට අධික වූ තාරකාවන් ප්‍රමාණය අතරින් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky way galaxy) තුළ පමණක් තාරකාවන් බිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. එම තාරකාවන් අතර පවතින එක් සුවිශේෂ තාරකාවක් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් පමණ ඈතින්, 'Camelopardalis' අයත්ව පිහිටා ඇති "runaway star" ගණයට අයත් වන "Alpha Camelopardalis" තාරකාව හැදින්විය හැක. ද්විමය තාරකා පද්ධතියක (binary star system) පවතින් එක් තාරකාවක සිදුවන දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් (supernova explosion) හේතුවෙන් ඊට සහචර අනෙක් තාරකාවෙහි අසාමාන්‍ය ආකාරයේ ඉහළ ප්‍රවේගයකින් (velocity) යුක්ත චලිතයක් ඇති කරවිය හැකි අතර එවැනි ඉතා ඉහළ ප්‍රවේගයකින් යුත් චලිතයක් පෙන්නුම් කරමින් විශ්වය හරහා ගමන් ගන්නා තාරකාවක් "Runaway star" ගණයට අයත් තාරකාවක් ලෙස හදුන්වයි.

    මෙවැනි තාරකාවක ගමන් කරන ගමන් මාධ්‍යයත්, එම මාධ්‍යයය ඔස්සේ හමායන සූර්ය සුළං හා ප්ලාස්මා ධාරාවන් අතරත් ඇතිවන ප්‍රතික්‍රියාවන් හේතුවෙන් හටගන්නා සංසිද්ධියක් "Bow shock" එකක් ලෙස හදුන්වයි. පහත ඡායාරූපයෙහි දැක්වෙන "Alpha Camelopardalis" තාරකාව වටා නිර්මාණය වී ඇති රතු පැහැති චාපාකාර ප්‍රදේශය මගින් නිරූපණය කෙරෙන්නේ ද මෙලෙස හටගත් "Bow shock" එකකි. "Alpha Camelopardalis" තාරකාවෙහි සිට ආලෝක වර්ෂ 10 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම "Bow shock" හි හටගැනීම සදහා "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතය හේතු වී ඇත. තත්පරයට කිලෝමීටර 60 ක පමණ ප්‍රවේගයකින් (velocity) චලිතය වන මෙම "Alpha Camelopardalis" තාරකාව, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව "O-type luminous supergiant" (O9 Ia) ගණයට අයත් තාරකාවක් ලෙස සලකනු ලබයි.

    අපගේ සූර්යයා මෙන් 25-30 ගුනයක් දැවැන්ත වූත්, සූර්යයා මෙන් 5 ගුණයක උෂ්ණත්වයකින් යුක්ත වූ එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 29700 කට (කෙල්වින් 30000 ක් පමණ) අධික වූ උෂ්ණත්වයක් පවතින මෙන්ම සූර්යයා මෙන් 500 000 ගුණයකටත් වැඩි දීප්තියක් නිකුත් කරන මෙම "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතයට මුල් වූ ඉහත සදහන් කළ හේතුවට අමතරව තවත් හේතුවක් පිළිබදව උපකල්පනයක් තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ඒ මෙම "Alpha Camelopardalis" තාරකාව මීට පෙරදී උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් පිරි තාරකා පොකුරකට අයත්ව තිබූ බවත්, එහිදි එම තාරකාවන් අතර පැවති ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා හේතුවෙන් එම තාරකාවන් සමූහයෙන් මෙම තාරකාව ඉවතට විසිවී ගොස් ඇතැයි යන උපකල්පනයයි.

    Image Credit: André Vilhena

    AlphaCamelopardis_s3100.png

    Alpha Camelopardalis (Alpha Cam)

    Binary star system

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    Image eka pen nati hinda දැම්මේ..🤔 Mage wtra Da
    runaway-star-alpha-camelopardalis-2023-04-28-by-unknown-v0-uelVEg-spEL49RW-lNHJ9fI0rK2Pj36V2tjzf9Ho7iU.png
    එහෙම අවුලක් නෑනෙ?:eek: හැබැයි දැන් පැය භාගෙකට විතර ඉස්සෙල්ලා APOD සයිට් එක වැඩ නැතුව තිබ්බා. දැන්නම් හොදට වැඩ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    TNTCr38.jpg

    දිනය: 2023 අප්‍රේල් 28

    මුළු විශ්වයම පුරා පැතිර පවතින සෙක්ස්ටිලියන 200 (200,000,000,000,000,000,000,000) කට අධික වූ තාරකාවන් ප්‍රමාණය අතරින් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky way galaxy) තුළ පමණක් තාරකාවන් බිලියන 100 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. එම තාරකාවන් අතර පවතින එක් සුවිශේෂ තාරකාවක් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් පමණ ඈතින්, 'Camelopardalis' අයත්ව පිහිටා ඇති "runaway star" ගණයට අයත් වන "Alpha Camelopardalis" තාරකාව හැදින්විය හැක. ද්විමය තාරකා පද්ධතියක (binary star system) පවතින් එක් තාරකාවක සිදුවන දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් (supernova explosion) හේතුවෙන් ඊට සහචර අනෙක් තාරකාවෙහි අසාමාන්‍ය ආකාරයේ ඉහළ ප්‍රවේගයකින් (velocity) යුක්ත චලිතයක් ඇති කරවිය හැකි අතර එවැනි ඉතා ඉහළ ප්‍රවේගයකින් යුත් චලිතයක් පෙන්නුම් කරමින් විශ්වය හරහා ගමන් ගන්නා තාරකාවක් "Runaway star" ගණයට අයත් තාරකාවක් ලෙස හදුන්වයි.

    මෙවැනි තාරකාවක ගමන් කරන ගමන් මාධ්‍යයත්, එම මාධ්‍යයය ඔස්සේ හමායන සූර්ය සුළං හා ප්ලාස්මා ධාරාවන් අතරත් ඇතිවන ප්‍රතික්‍රියාවන් හේතුවෙන් හටගන්නා සංසිද්ධියක් "Bow shock" එකක් ලෙස හදුන්වයි. පහත ඡායාරූපයෙහි දැක්වෙන "Alpha Camelopardalis" තාරකාව වටා නිර්මාණය වී ඇති රතු පැහැති චාපාකාර ප්‍රදේශය මගින් නිරූපණය කෙරෙන්නේ ද මෙලෙස හටගත් "Bow shock" එකකි. "Alpha Camelopardalis" තාරකාවෙහි සිට ආලෝක වර්ෂ 10 ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම "Bow shock" හි හටගැනීම සදහා "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතය හේතු වී ඇත. තත්පරයට කිලෝමීටර 60 ක පමණ ප්‍රවේගයකින් (velocity) චලිතය වන මෙම "Alpha Camelopardalis" තාරකාව, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව "O-type luminous supergiant" (O9 Ia) ගණයට අයත් තාරකාවක් ලෙස සලකනු ලබයි.

    අපගේ සූර්යයා මෙන් 25-30 ගුනයක් දැවැන්ත වූත්, සූර්යයා මෙන් 5 ගුණයක උෂ්ණත්වයකින් යුක්ත වූ එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 29700 කට (කෙල්වින් 30000 ක් පමණ) අධික වූ උෂ්ණත්වයක් පවතින මෙන්ම සූර්යයා මෙන් 500 000 ගුණයකටත් වැඩි දීප්තියක් නිකුත් කරන මෙම "Alpha Camelopardalis" තාරකාවෙහි පවතින අධිවේගී චලිතයට මුල් වූ ඉහත සදහන් කළ හේතුවට අමතරව තවත් හේතුවක් පිළිබදව උපකල්පනයක් තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ඒ මෙම "Alpha Camelopardalis" තාරකාව මීට පෙරදී උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් පිරි තාරකා පොකුරකට අයත්ව තිබූ බවත්, එහිදි එම තාරකාවන් අතර පැවති ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා හේතුවෙන් එම තාරකාවන් සමූහයෙන් මෙම තාරකාව ඉවතට විසිවී ගොස් ඇතැයි යන උපකල්පනයයි.

    Image Credit: André Vilhena

    AlphaCamelopardis_s3100.png

    Alpha Camelopardalis (Alpha Cam)

    Binary star system

    AL maths da kale
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    දිනය: 2023 අප්‍රේල් 29

    දෙමුහුන් සූර්යග්‍රහණය යනු කලාතුරකින් හටගන්නා දුර්ලභ ගණයේ සූර්යග්‍රහණයක් වන අතර එහිදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවි අතරින් ගමන් කරන විට සූර්යග්‍රහණයෙහි ස්වරූපය වළයාකාර සිට පූර්ණ සූර්යග්‍රහණයක් දක්වා පරිවර්තනය වීමත් චන්ද්‍රයාගේ සෙවනැල්ල ඉවත්ව යාමේදී නැවතත් ඊට ප්‍රතිගාමීව පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් බවට පරිවර්තනය වීමත් සිදු වේ (මෙය "annular-total solar eclipse" හෝ "hybrid solar eclipse" ලෙස හදුන්වයි). පහත දැක්වෙන 1/2000 සිට තත්පර 1/2 දක්වා වූ නිරාවරණ 11 කින් යුත් "ship-borne image" ගණයට අයත් සං‍යුක්ත ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන්නේ පසුගිය අප්‍රේල් 20 වනදා දර්ශනය වූ තත්පර 62 ක කාලසීමවක් තුළ සිදුවූ එවැනි ආකාරයෙහි සූර්යග්‍රහණයක් වන අතර ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවෙහි වෙරළාසන්න ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇත.

    Image Credit: Fred Espenak

    TSE2023-Comp48-2a.jpg

    Similar threads