
ලංකාවේ Hosting සත්‍යය – ඔබ දැන ගත යුතුයි!
අද ලංකාවේ Hosting කියලා විකුනන බොහෝ සේවාවන් පිටරට Dedicated Server rental එකක් තමා. නම පමණයි ලංකාවේ – server එක, support එක, data එක සහ control එක හෙටදිනකට නැතිවෙන්න පුළුවන්!

මෙන්න සැබෑ තත්වය:
- Server එක තියෙන්නෙ
Singapore හෝ
Germany වගේ Data Center එකක.
- Hosting කරන කෙනාට contract එකක් නැහැ – monthly rental එකක් පමණයි.
- Server management, patching, firewall, backup – බොහෝ විට තියෙන්නේ නෑ!

තනි කෙනෙක් පමණක් manage කරන Hosting වල අවදානම:
- කෙනා offline ගියොත්? Server suspend වුනොත්? Client data හිරවෙයි.
- WHM / DNS / Domain Lock – ඔහුගේ email එකක් නැතුව අයින් කරන්නවත් බැහැ.
- Disaster recovery system නැහැ – full wipe එකක් උනොත් තවත් පිවිසිය නොහැකිය.

සත්‍යය ඔප්පු වෙන සිද්ධීන්:
- බොහෝවිට support unavailable – ඔයාගේ WhatsApp msg වලට දින 3ක් no reply.
- Uptime SLA, Refund Policy, TOS වගේ නීතිමය විස්තරයක් නැහැ.
- Hosting විකුනන කෙනාගේ Facebook account එකක් විතරයි proof එක.
රටේ ඩොලර් අඩුවීමත් මෙයට එක්වෙලා තියෙනවා:
- මුදල් පිටරටට ගෙවීමෙන්
රටේ විදේශ විනිමය හරිම වේගයෙන් බිඳෙනවා.
- Local hosting service එකක් කියලා promote කරලා, ව්‍යාපාරිකයින් රැවටවලා, ඒ මුදල්ම පිටරට data center එකකට යවනවා.
- මේක දිගටම වෙද්දි
රටේ tech economy එකටත්, cyber independence එකටත් විනාශයක් වේවි.
- ලංකාවේ developers, startups සහ education sector එකට local infrastructure එකක් නෑ කියලා rely වෙනවා පිටරට මත. ඒක long-term tech growth එකට බාධාවක් වෙනවා.
- රටේ තියෙන තාක්ෂණික මුදල්ම පිටරටට ගලා යන එක IMF loan එකක වඩා තර්ජනීයයි!

Hosting ගන්න කලින් සලකන්න:
- ඔබට Full cPanel / WHM / DNS / Domain Control තියෙනවද?
- Server එක Owned ද? Rental ද?
- Backup weekly / daily system එකක් තියෙනවද?
- Support available ද – ticket system, email, call?
- දත්ත ශ්‍රී ලංකාවෙමද? නැත්තං අවම වශයෙන් trusted DC එකක්ද?

Trusted Hosting එකක් යනු:
- Ownership + Transparency + Support + Backup + Documentation

අලුත් අය රැවටෙන්නෙ නැතිව මේක Forward කරන්න – අපි හැමෝටම safe online space එකක් හදමු!