📈 රටේ උද්ධමනය යළි වාර්තාගත ලෙස ඉහළට 📈

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    AVvXsEjYmGDQbi1msP5dUFmeIqU1C6zjEVbKysAzuNOUpfB96VJNQI-c6Eoe9e59188XEvKRDR_aLoWVoqCHgN8uP6iAJvBJsGwqOGykSC5UPTBkD4GTdXK2G16HhbIDK7OZUkFQM-JzhTUNxmTGhrqoDbuM1j6GSbv4l5ckn01hMEI1b6cE2DlKBhGaATh7Ww


    ඉකුත් නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6 යි දශම 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11 යි දශම 1 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8 යි දශම 3 සිට නොවැම්බර් මාසයේ දී සියයට 11 යි දශම 1 දක්වා ඉහළ ගොස් තිබුණා.

    උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11 යි දශම 7හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 16 යි දශම 9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5 යි දශම 4හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 6 යි දශම 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 3 යි දශම 1 යි 4 ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2 යි දශම 6 යි 1 කින් සහ සියයට 0 යි දශම 5 යි 3කින් ඉහළ යෑම මේ සදහා හේතු වි තිබෙනවා. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7 යි දශම 2 හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 8 යි දශම 8 දක්වා ඉහළ ගියා. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4 යි දශම 6 හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 5 දශම 0 දක්වා ඉහළ ගිය බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

    ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 03 කින් වැඩිවනු ඇති බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත්තේ.


    Source: nethnews.lk
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,232
    113
    අර යාපනේදි සරුන්ගලෙත් එක්ක උඩට ගියේ උද්ධනමය වෙන්න බැරිද? 😟
     
    • Haha
    Reactions: kinkon and Smartm

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    Even USA also has recorded highest inflation rate since 1982, This is current world scenario.
    But when we take the inflation as a number (11%) we are in a very pathetic position.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Even USA also has recorded highest inflation rate since 1982, This is current world scenario.
    But when we take the inflation as a number (11%) we are in a very pathetic position.
    ha machan....Amaricawe per capita 1982 idan poddak balapanko