📛උද්ධමනය තවදුරටත් ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා විය

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගියේය.

    2022 ජුනි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.91ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 7.25කින් සහ සියයට 3.66කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, එළවළු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 ජුනි මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.
    තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 16.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 20.8 දක්වා ඉහළ ගියේය.

    ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 37.7හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 49.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 13.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 16.8 දක්වා ඉහළ ගියේය.

    Inflation-June-2022-Sinhala.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,622
    113
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
    Oops
     
    • Like
    Reactions: iworld