ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ප්රකාශ කළ හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්රමසිංහ වැ.බ. ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව පැනවීමට පියවර ගත්තා.
ඊට අදාළ ප්රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වෙනවා.
අද ඒ පිළිබඳව පවතී ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණා.
මීට අදාළ ඡන්ද විමසීම පිළිබඳව පසුගිය දිනෙක ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක කියා සිටියේ මෙම ඡන්දයේ දී ජනාධිපතිවරයා වීමට රනිල් වික්රමසිංහ මහතා ලැබූ ඡන්ද 134ට වඩා අඩුවෙන් ඡන්ද ලබා ගන්නා බවයි. ඔහු කළ එම ප්රකාශය සනාථ කරමින් පක්ෂව ලබාගත්තේ ඡන්ද 120ක් පමණයි. එය ඡන්ද 14ක අඩුවීමක්.