📛Microsoft Teams ඇතුළු 365 සේවාවන් කිහිපයක් ලොව පුරා ඇණ හිටී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වන විට ලොවපුරා වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Microsoft Teams ඇතුළු Microsoft 365 සේවාවන්හි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.

    ඒ අනුව Microsoft Teams වෙතින් meetings වෙත පිවිසීමේ හැකියාව අඩාල වී ඇති අතර Microsoft සමාගමේ ඇතැම් 365 සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.

    ලොව පුරාවටම බලපාන ලෙස ⁣සිදු වු මේ සේවා බිද වැටිම නිසාි Microsoft teams meeting එකක් සඳහා ඇතුළු වීමට යාමේදී Operation failed with unexpected error ලෙසින් පෙන්වනු ලබනවා.

    මේ බිඳ වැටීම පිළිබඳව Microsoft සමාගම වෙතට දැනටමත් පරිශීලකයන්ගේ වාර්තා කිරීම් ලැබී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් කටයුතු කරන බවත් ඔවුන් tweet එකක් පළ කරමින් නිවේදනය කර තිබෙනවා.

     
    • Like
    Reactions: RottenCOLT

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Truth hurts
    කේබල් එක මීයෙක් කාල බං එකයි කේබල් එකක් ගෙන්න කොල්ලෙක්ව කඩේට යැව්වා කඩේ අරින්නේ 10ට. 10න් පස්සේ up කරලා දෙන්නම්