මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ දි තිරගතකරන්නට නියමිතව තියෙන James Cameron ගෙ Avatar 2 චිත්‍රපටියේ පළමු පූර්ව ප්රචාරක දර්ශන වගේම තිරය පිටුපස සිද්ධවෙන කර්තව්‍ය ගැන පෙන්වන ඡායාරූප වගයක් අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. සිනමා ඉතිහාසයේ පළමු වරට මේ චිත්‍රපටය වෙනුවෙන්ම දියුණු කරපු Underwater Motion Capture තාක්ශනය යොදාගෙන මේ චිත්‍රපටයේ දර්ශන රාශියක් රූපගත කරලා තියෙනවා. ඒ මේ චිත්‍රපටයේ එන ජවනිකා බොහෝමයක් අන්තර්ගත වෙන්නේ pandora ලෝකයේ සාගර තුළ සිද්ධවෙන සිදුවීම් හේතුකරගෙනයි. මේ වගේ නවතම සිනමා ප්‍රයෝග හා තාක්ශනය උපයෝගි කරගෙන ජේම්ස් කැමරන්, සිනමා ප්‍රේක්ශකයන්ව නැවතත් පැන්ඩෝරා ලෝකයට ගෙනයන්න දරණ උත්සාහය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන එක බලන්න නම් ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ඉන්න වෙනවා.

තිරගතවන දිනය: 2022 දෙසැම්බර් 16 (USA)
Cast
- Sam Worthington
- Zoe Saldana
- Stephen Lang
- Giovanni Ribisi
- Joel David Moore
- Vin Diesel
- Edie Falco
- Michelle Yeoh
- Jemaine Clement
- Cliff Curtis
- Kate Winslet
තවත් තිරය පිටුපස දර්ශන ඇතුළත් ඡායාරූප
Last edited:
okkoma motion capture

