🔥VPN නොහොත් (Virtual Private Network)🔥

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    894
    4,909
    93
    United States
    🔥VPN නොහොත් (Virtual Private Network)🔥

    902c04db6548cf83da424.png

    🔺 අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ VPN ගැන.. ඔයාලා අහලා ඇති කියලා හිතනවා.. හිටපු ජනපති මහත්තයා Social Media Block කරහම කස්ටියට දෙයියෙක් වගේ පිහිට උනේ මේ vpn නේ..😁 ඒ සිද්ධියත් එක්ක VPN කියන වචනය ගොඩ දෙනෙක් අතර කතාබහට ලක්වෙන දෙයක් වුනා.. ගොඩ දෙනෙක් දන්නේ vpn එකක් පාවිච්චි කරලා Block කරල තියන Websites වලට යන්න පුලුවන් කියන දේ විතරයිනේ.... ඒත් ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ කියන එක ඔයාලා දැනන් හිටියද?🤔 .

    නැත්තම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි.. හැමෝටම තේරෙන සිංහලෙන් සරළව මේ ලිපියේ vpn කියන්නේ මොකක්ද කියලා තියනවා..

    0*DB_Ri6GCkTh9X_Up.jpg

    🔯මොකක්ද VPN එකක් කියන්නේ....​

    අපි ඉස්සරලම බලමු vpn එකක් කියන්නේ මොකද කියලා.. vpn කියන්නේ virtual private network එකකට... ඒ කියන්නේ VPN එකක් කියන්නෙත් ලෝකෙ කොහෙ හරි තැනක තියන Computer එකක්.. ඉතින් අපි කරන්නේ මේ Computer එක හරහා අන්තර්ජාලයට සම්බන්ද වෙන එක.. අපි හිතමුකෝ මේ දවස් වල ලංකාවේ facebook.com තහනම් කරලා තියෙන්නේ කියලා.. ඉතින් අපි vpn එකක් පාවිච්චි කරලා facebook යන්න හදන්නේ.. එතකොට මොකද වෙන්නෙ කියලා බලමු.. එටතකොට ඔය කාට කාටත් තේරේවි යසටම😁 එකට යන්න හදනවා කියලා..👇👇👇

    👉 අපිට Facebook.com එකට යන්න බෑ අපිව block කරලානේ.... ඒත් හැබැයි අපි හිතමුකෝ Germany වල ඉන්න මගේ යාලුවෙක් ලග තියනවා තව computer එකක්.. ඒකට කිසි අවුලක් නැතුව Facebook.com එකට යන්න පුලුවන්..මොකද එයාලගෙ රටෙ facebook.com block කරන්නේ නෑ.. german වලට ලංකාවට වගේ පිස්සුත් නෑ...😁

    👉 දැන් මන් කරන්නේ පොඩි ජිල්මාට් එකක් දාලා මගෙ Computer එකයි Germany වල ඉන්න මගේ යාලුවගෙ computer එකයි internet එක හරහා එකට සම්බන්ද කරගන්නවා... ඊට පස්සේ මම කෙලින්ම මගේ network එකෙන් Facebook.com එකට යන්නේ නැතුව german වල තියන මගේ යාලුවගෙ computer එක හරහා Facebook.com එකට යනවා..😉

    Untitled%2BDiagram%25281%2529.png

    👉 අන්න එතකොට ඒ german වල තියන computer එකත් vpn එකක් විදිහට තමා වැඩ කරන්නේ.. Facebook.com එකට පේන්නෙත් ලන්කාවේ ඉන්න මම Facebook.com එකට ආවා වගේ නෙමෙයි German වල Computer එක ආවා කියලා..

    🔘 ඔයාට තේරෙන්න ඇති දැන් සරලවම VPN එකක් කියන්නේ මොකක්ද කියන එක.. එහෙනම් තව ටිකක් බලමු මොකක්ද මේ කියලා..👇

    👉 දැන් ඔයා හිතා ගන්නකෝ ඔයා අවුරුදු 16 ක විතර පොඩි එකෙක් කියලා.. පොඩි එකෙක් උනාට ඔයා හෙන බෙබ්බෙක්.😆(හිතා ගන්න කියලා කිව්වෙ ඔන්න..😀) ඒත් ඔයාට කොච්චර බොන්න ඕනි උනත් ඔයාගේ වයසේ හැටියට බාර් එකෙන් ගිහින් බෝතලයක් ඉල්ලන්න බෑනේ.. මොකද පොඩි ලමයින්ට මත් පැන් විකුනන්න තහනම් නේ.. ඉතින් මෙතනදි ඔයා හැසිරෙන්නේ හරියට අර යාලුවගේ pc එකෙන් facebook යන්න හදනවා වගේ නේ.. එතකොට මේකේ බාර් එක ISP එක වගේ.. එතකොට මේ ISP කියන්නේ මොකක්ද බලනවා ඇති ඔයාලා.. මේ isp කියන්නේ අපි අන්තර්ජාල සේවා ලබාගන්න ආයතනයට..

    උදාහරනයක් විදිහට Dialog, Mobitel, SLT වගේ ආයතන තමා ලන්කාවෙ භාවිතා වෙන ISPලා.. ඉතින් ඔයාට බාර් එකෙන් මත්පැන් දෙන්නේ නෑ වගේ තමා අපිට අපේ ISP, Facebook.com එකට යන්න දෙන්නෙත් නෑ..

    දැන් එතකොට ඔයාට බාර් එකෙන් බොන්නම ඕනි නම් ඔයා මොකද කරන්න.. කාට හරි වයස සම්පූර්ණ උනු කෙනෙක්ට කියලා සල්ලි දීලා බඩු ගෙන්නගන්න එකනේ.. වයස සම්පූර්න කෙනා හරියට German වල තියන VPN computer එක වගේ..එයාට බාදාවක් නෑ facebook.com එකට යන්න නිකන් බාර් එකට යන්න එයාට බාදාවක් නෑ වගේ..

    එතකොට ඔයා වයස සම්පූර්ණ උනු කෙනාට කියලා බෝතලේ ගෙන්න ගත්‍තා වගේ අපේ german යාලුවාව භාවිතා කරලා ඒ කියන්නේ VPN එකට කියලා අපිට යන්න බැරි Website වලට යනවා... හරිම සරළයි නේ.. ඉතින් මේ vpn වල ඕක තමා වෙන්නේ.. මං හිතනවා ඔයාට හොදටම තේරෙන්න ඇති කියලා.. දැන් බලමු කොහොමද vpn එකක් වැඩ කරන්නේ කියලා..

    🔯කොහොමද VPN එකක් වැඩ කරන්නේ..​

    Facebook,Whatsapp වගේ Social Media block කරලා දාන්න, රජය කරන්නේ ලංකාවේ ඇතුලේ සේවා සපයන හැම ISP ටම නියෝග කරනවා Social Media block කරන්න කියලා..

    ඉතින් රජයෙන් අර විදිහේ නියොගයක් ආව ගමන් ISP කරන්නේ ඒ Social Media වෙබඅඩවි වලට අදාල IP address ටික ඔක්කොම ගන්නවා..

    උදාහරණයක් විදිහට :=

    • facebook.com 157.240.25.35

    • twitter.com 199.59.149.230

    • tumblr.com 174.121.194.34

    • livejournal.com 209.200.154.225

    • dreamwidth.org 69.174.244.50

    ඊට පස්සේ එයාලගේ පාරිභෝගිකයන්ව ඒ website එකකටවත් යන්න බැරි වෙන්න block කරනවා.. ඒ වැඩෙත් පේන හැටියට නම් හරිම සරළයි නේද..😆

    Untitled%2BDiagram%25286%2529.png

    👉 අපි සාමාන්‍යයෙන් internet යද්දී අපි යන වෙබ් අඩවිය වගේ අපි ප්‍රවේශ වන සේවාවන් වල දත්ත ගොඩක් දුරට Encrypt වෙන්නේ නෑ.. ඒ කියන්නේ අපේ තොරතුරු ඕනි කෙනෙක්ට බලන්න පුලුවන්.. අපි යන්නෙ මොන වෙබ් අඩවි වලටද, ගිහින් කරන්නේ මොනවද, කොටින්ම කිව්වොත් අපි වෙබ් අඩවි වලට ඇතුලත් කරන username,password පවා මේ ISPට බලන්න පුලුවන්.. අනිත් දේවලුත් එහෙම්ම තමා.. (බය වුනා නේද 😂) (SSL/TLS (HTTPS) තියන website වලනම් මෙකට විරුද්දව ගොඩක් දුරට ආරක්ශාව තියනවා.. ඒව ගැන පස්සේ..)

    👉 එතකොට අපි facebook.com එකට යන්න යද්දී අපේ ISP ට පේනවා 209.245.88.95 (මගේ පරිගනකය) කියන පරිගනකය 157.240.25.35 (facebook.com) සම්බන්ද වෙනවා කියලා ..ඉතින් මෙයා කරන්නේ ඉක්මනට මාව block කරනවා.. මේක වෙන්නෙ ස්ව්‍යංක්‍රීයවමයි...

    🔘 ඉතින් මගේ බලාපොරොත්තුව උනේ vpn එකක් කියන්නේ මොකක්ද කියලා සරළවම ඔයාලට කියලා දෙන එක.. මන් හිතනවා ඔයාලට ඒ ගැන ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.. හැබැයි vpn එක ගැන තව ගොඩක් දේවල් කියන්න තියනවා.. ඒවා වෙනම ලිපියකින් මං ගේන්නම්..😊

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්.. 🤗:-)😍
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,737
    109
    63

    thanks bro
     
    • Like
    Reactions: Kalegana