🔪 බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන&#353

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    🔪 බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන&#353

    බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක්

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත.

    යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත ලිපිය අගමැති කාර්යාලයට බාර දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.

    ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

    බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි වාර්තා විණි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට කරුණු දක්වා තිබේ.

    බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.

    ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.


    source
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Foot note මතක් උනා,උන්ට දැන් නින්ද යන්නේ නැතුව ඇති:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    DAN HORAKAMA HOYANNE NATHIWA UN GANADA HOYANNE

    ඔව්... ඒ වගේ අර අස්ගිරි ප්‍රකාශයෙන් පස්සෙ පිං කැට සීල් තිබ්බෙ ආන්න ඒකෙ Part (II) ලඟම එනව වගේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව්... ඒ වගේ අර අස්ගිරි ප්‍රකාශයෙන් පස්සෙ පිං කැට සීල් තිබ්බෙ ආන්න ඒකෙ Part (II) ලඟම එනව වගේ

    AYI VIGANAKADIPATH:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Foot note මතක් උනා,උන්ට දැන් නින්ද යන්නේ නැතුව ඇති:(

    ඇයි අර එක්කෙනෙක් පොතකුත් ලිව්වෙ මේක මගඩියක් නෙවෙයි කියල. දැල් ලියපු කෙනා දකින්නත් නැහැ... පොතත් නැහැ... රෙදිත් නැහැ.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තටම රවි මෙච්චර කියද්දිත් හොරකම් කලේ නැ කියල මුන් මොනවට මේ ගැන හොයනවද මන්ද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි අර එක්කෙනෙක් පොතකුත් ලිව්වෙ මේක මගඩියක් නෙවෙයි කියල. දැල් ලියපු කෙනා දකින්නත් නැහැ... පොතත් නැහැ... රෙදිත් නැහැ.....

    :lol: :eek:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇත්තටම රවි මෙච්චර කියද්දිත් හොරකම් කලේ නැ කියල මුන් මොනවට මේ ගැන හොයනවද මන්ද?

    ඒ "ලූනු බික" ගොඩ දැම්මෙ නැත්නම් ලූනු කන්ටේනරේම මාට්ටු වෙනවනේ මචං
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උඹලට මතකද විවාදෙකට ඇවිල්ල එක පාරක් කිසිම බැඳුම්කර වංචාවක් වෙලා නෑ කියල ටොමිය බුරපු බිරිල්ල? දැන් ටොමියට ගූ ගිහින් ඇති :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20663699_1834986006813978_4058229936602894250_n.jpg