🔴සජිත් ඉවරයි ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    රිෂාඩ් ලොක්කගේ මිලියන 200ක ව්‍යාපෘති නවත්තන්න කියලා ජනාධිපති ලේකම් කර්යලෙන් කිව කියල තිබ්බේ...
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සජබයෙන් 5ක් පනී ?

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදුකළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් බේරුවල තරුණ සමුළුව ඊයේ (18) පස්වරුවේ අලුත්ගම ප්‍රදේශයේදී රැස්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    "සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑප කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා කිව්වේ චම්පික රණවක. හැබැයි ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති.

    "අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා."


    Derana
    22/23
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫

    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
    Share කරන්න.