මීට අවුරුදු බර ගාණකට ඉස්සර අපේ ගමේ හිටපු "කපු සීයා" කියන කට්ටඬි රාළ කෙනෙකුට (ඔව් ඔව් @PHBhagya වගේ පොරක් තමා
) වෙච්ච ඇබැද්දියක් ගැන කියන්න යන්නේ (ඒ සීයා වයස අවුරුදු 104ක් ආයු වළඳලා ඊයේ රෑ පරලොව සැපත්වුනා
)
අපේ අල්ලපු ගමක යක්ෂ පිදේනියක් දෙන්න මෙයාට තමයි පවරලා තියෙන්නේ. මෙයා පිදේනිය දෙන්න අවශ්‍ය කරන දේවල් ලැයිස්තුවක් දීලා සෙනසුරාද දවසක හැන්දෑවේ වැඩේ නියම කරගත්ත ලු. නියමිත දවසේ හැන්දෑවේ මෙයා බයිසිකල් එකෙන් ඒ ගෙදරට ගිහින් වැඩේට සූදානම් වුණාම සපයලා තිබ්බ මල් පරවෙලා, මස් මාංශ, කෑම වර්ග එහෙම නරක්වෙලා ලු. ගෙදර මිනිස්සු ඒ කළමනාදිය උදේ ඉඳන් ලැස්ති කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ සවුත්තු වෙච්චි දේවල් වලින් පිදේනිය දීලා තියෙනවා. වැඩේ ඉවරවෙද්දි රෑ මැදියම වුනාලු. වැඩේ ඉවර කරලා මෙයා බයිසිකලෙන් මහ රෑම ගෙදර එන්න පිටත්වෙලා තියෙනවා. බෝම ටික දුරක් එද්දී මෙයාට උහුලගන්න බැරි තරමේ බඩගින්නක් සහ පිපාසයක් දැනිලා තියෙනවා. ඔහොම එද්දී මෙයාට ටිකක් දුරින් පාර අයිනේ ලාම්පු එළියක් පෙනිලා තියෙනවා. කිට්ටුවට එද්දී එතන පොඩි ලෑලි කඩයක් තියෙනවා ලු. ඉතින් මෙයා බයිසිකලෙන් බැහැලා ඒ කඩේට ගොඩ වුනාලු.
"මුඳලාලි මට හොඳටම බඩගිනියි, කන්න තියෙන දේකුයි කහට කෝප්පයකුයි දෙමුකෝ"
කියාගෙන මෙයා පොඩි මේසයක් ළඟ බංකුවක ඉඳගත්තලු. මුදලාලි කිසි කතාවක් නැතුව නැගිටලා ගිහින් පොඩි බන්දෙසියකට වන්ඩු ආප්ප හැලප වගේ කෑම ජාති එක්ක තේ කහට කොප්පයකුත් ගෙනල්ලා මෙසේ උඩ තියලා ගිහින් එයා කලින් ඉඳගෙන හිටිය විදියටම ඉඳගත්තලු. මෙයා කෑම කන්න ගත්තාම අර කෑම සේරම නරක්වෙලා කන්න බෑලු. තේ එකත් අමු පල් ගඳ ලු. මිනිහට හොඳටම කේන්ති ගිහින් මුදලාලි ළඟට ගිහිල්ලා
"මොන ජරාවක් ද මුදලාලි මේවා මිනිහෙකුට කන්ඩ පුලුවන්ද? කහට එකත් නිමිලා පල්වෙලා."
කියලා බෝම සද්දෙන් සැරට කියලා තියෙනවා. එතකොට මුදලාලි මෙයාගේ මුණ දිහා බලලා
"උබ මට දුන්නු හැටියට තමයි මමත් උබට දුන්නේ!"
කිවුවලු. එතකොට තමයි මෙයා මුදලාලි ගේ මූණ ලාම්පු එළියෙන් දැකලා තියෙන්නේ. කැරළි ගැහුණු කොන්ඩේ, ගොරකා ගෙඩි වගේ විශාල ඇස්, මුණ පුරා ගොරෝසු රැවුල, විශාල භයංකර කට දෙපැත්තෙන් උල් දත් දෙකක් එළියට පැනලා. මිනිහට මතක එච්චරයි ලු. පහුවදා පාර අයිනේ සිහි නැතුව වැටිලා ඉන්නවා දැකලා පාරේ ගිය මිනිස්සු තමයි උස්සගෙන ගිහින් තියෙන්නේ. පස්සේ මහ විශාල තොවිලයක් කරලා සනීප වුනාලු.
) වෙච්ච ඇබැද්දියක් ගැන කියන්න යන්නේ (ඒ සීයා වයස අවුරුදු 104ක් ආයු වළඳලා ඊයේ රෑ පරලොව සැපත්වුනා
)අපේ අල්ලපු ගමක යක්ෂ පිදේනියක් දෙන්න මෙයාට තමයි පවරලා තියෙන්නේ. මෙයා පිදේනිය දෙන්න අවශ්‍ය කරන දේවල් ලැයිස්තුවක් දීලා සෙනසුරාද දවසක හැන්දෑවේ වැඩේ නියම කරගත්ත ලු. නියමිත දවසේ හැන්දෑවේ මෙයා බයිසිකල් එකෙන් ඒ ගෙදරට ගිහින් වැඩේට සූදානම් වුණාම සපයලා තිබ්බ මල් පරවෙලා, මස් මාංශ, කෑම වර්ග එහෙම නරක්වෙලා ලු. ගෙදර මිනිස්සු ඒ කළමනාදිය උදේ ඉඳන් ලැස්ති කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ සවුත්තු වෙච්චි දේවල් වලින් පිදේනිය දීලා තියෙනවා. වැඩේ ඉවරවෙද්දි රෑ මැදියම වුනාලු. වැඩේ ඉවර කරලා මෙයා බයිසිකලෙන් මහ රෑම ගෙදර එන්න පිටත්වෙලා තියෙනවා. බෝම ටික දුරක් එද්දී මෙයාට උහුලගන්න බැරි තරමේ බඩගින්නක් සහ පිපාසයක් දැනිලා තියෙනවා. ඔහොම එද්දී මෙයාට ටිකක් දුරින් පාර අයිනේ ලාම්පු එළියක් පෙනිලා තියෙනවා. කිට්ටුවට එද්දී එතන පොඩි ලෑලි කඩයක් තියෙනවා ලු. ඉතින් මෙයා බයිසිකලෙන් බැහැලා ඒ කඩේට ගොඩ වුනාලු.