"ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අගමැති මෝදී ගේ විශේෂ පණිවිඩයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ හා සාමකාමී ලෙස බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය රට තුල ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුව කටයුතු කලයුතු බවටත් මැතිවරණ කොමිසමේ වැඩකටයුතු නිසි පරිදි ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහය ලබාදිය යුතු බවටත් එමගින් ඉන්දීය අගමැතිවරයා දැඩිව ඉල්ලා තිබේ. මැතිවරණයෙන් පසු සිදුවිය හැකි කවර ආකාරයක හෝ බල හුවමාරුවක් සාමකාමිව සිදුවිය යුතු බවට ඉන්දියාව තරයේ අවධාරණය කර ඇත."
--
මෙදා සැරේ ජිල්මාට් ගහන්නත් බැරිවෙයි වගේ
--
මෙදා සැරේ ජිල්මාට් ගහන්නත් බැරිවෙයි වගේ
