අපි ජීවත් වෙන්නේ හරිම අමුතු ලෝකයක. උදේ නැගිටිනකොට දකින ලෝකය නෙවෙයි, රෑට නිදාගන්න යද්දී තියෙන්නේ. තාක්ෂණය කියන දේ අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා දහස් ගුණයකින් බලවත් විදිහට, අපිට නොපෙනෙන අහසේ, පෘථිවියටත් එපිටින් තියෙන හිස් අවකාශයේ ක්‍රියාත්මක වෙනවා..
අද මම මේ කතා කරන්න යන්නේ පසුගිය දවසක මුළු මහත් මැදපෙරදිග පමණක් නෙවෙයි, මුළු ලෝකයම කම්පනයට පත් කරපු, යුධ විශේෂඥයන්ගේ ඇස් උඩ ඉන්දවපු සුවිශේෂී සිදුවීම ගැන.
ඒ තමයි ඉරානයේ ඉතාමත් ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන 'කමේනි සංකීර්ණයට' එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරය. මේක නිකම්ම නිකම් ප්‍රහාරයක් නෙවෙයි. මේක යුද්ධයේ "අනාගතය" අපේ ඇස් පනාපිටම පෙන්නපු අවස්ථාවක්.
සාමාන්‍යයෙන් මිසයිලයක් කිව්වම අපේ ඔළුවට එන්නේ අහස දිගේ ඇදිලා ගිහින් ඉලක්කයට වදින ගිනි බෝලයක්නේ? හැබැයි මේ ප්‍රහාරය ඊට වඩා හාත්පසින්ම වෙනස්මේ ප්‍රහාරයට යොදාගත්ත බැලස්ටික් මිසයිල 7 ම තමන්ගේ ගමන් මගෙන් 90% ක්ම ගෙවලා තියෙන්නේ පෘථිවි වායුගෝලයෙන් පිටත, ඒ කියන්නේ 'Outer Space' එකේ!
සරලව කිව්වොත්, මේ මිසයිල ටික ඉලක්කයට එන්න කලින් හඳට යනවා වගේ අභ්‍යවකාශයට ගිහින් තියෙනවා. පෘථිවියෙන් සැතපුම් 75 ක් ඉහළට ගිය මේ මිසයිල, තමන්ගේ ගමන් මාර්ගය සම්පූර්ණ කරලා, නැවත වායුගෝලයට ඇතුළු වෙන්නේ හරියට අහසින් වැටෙන උල්කාපාත වගේ..
තත්පර 30 ක මාරක නිරවද්‍යතාව!මොහොතකට හිතන්න, රටක අතිශය ආරක්ෂිත, භූගත බංකර් පවා තියෙන මූලස්ථානයක්. ඒක වටේට ලෝකයේ තියෙන නවීනතම රේඩාර් පද්ධති, මිසයිල නාශක පද්ධති අටවලා තියෙන්නේ. හැබැයි මේ මිසයිල 7 ම ඉලක්කයට පතිත වෙන්නේ තත්පර 30 ක් වැනි කෙටි කාලයක් ඇතුළත.
එක පිට එක, ක්ෂණයකින් වැදුණු මේ ප්‍රහාරයෙන් ආරක්ෂා වෙන්න තියා, මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නවත් ඉරාන ආරක්ෂක අංශ වලට වෙලාවක් තිබුණේ නැහැ.
"ඇයි එහෙම වුණේ?"
මේ ප්‍රහාරයේ තියෙන භයානකම සහ පුදුම සහගතම කොටස තමයි මේක දියත් කරපු විදිහ. මේ මිසයිල විදලා තියෙන්නේ පොළොවේ ඉඳන් නෙවෙයි. සිරියාවට සහ ජෝර්දානයට ඉහළින් පියාසර කරපු ඊශ්‍රායලයේ F-15 ප්‍රහාරක යානා මගින්.
"අහසේ සිට?"
ඔව්, ඉරාන රේඩාර් පද්ධති වලට හසුනොවන සීමාවේ ඉඳන් මේ මිසයිල මුදා හැරීම නිසා, අනතුරක් එනවා කියලා දැනගන්න කොටත් මිසයිල වායුගෝලයෙන් පිටතට ගිහින් අවසානයි. රේඩාර් එකකට පේන්නේ වායුගෝලය ඇතුළේ යන දේවල් මිසක්, අභ්‍යවකාශයේ ඉඳන් සිරස් අතට වැටෙන දේවල් නෙවෙයි.
මේ මිසයිල නැවත වායුගෝලයට ඇතුළු වෙද්දී ලබාගන්නා වේගය Mach 5+ ට වඩා වැඩියි. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ පස් ගුණයකට වඩා වැඩි වේගයක්. මේ වේගයෙන් එන වස්තුවක් අඩපණ කරන්න පුළුවන් ආරක්ෂක පද්ධතියක් දැනට ලෝකයේ කොහේවත් නිමවා නැහැ.
මේක හරියට අතින් අල්ලන්න බැරි තරම් වේගයෙන් එන පන්දුවක් වගේ. ඔබ දකින්න කලින් ඒක ඔබේ ඉලක්කය විනාශ කරලා ඉවරයි. මේ තාක්ෂණය පසුගිය වසරේදී ඇලස්කාවේදී අත්හදා බැලීම් කරපු එකක්. ඒක දැන් සැබෑ ලෝකයේ යුධ පිටියක ක්‍රියාත්මක වෙලා තියෙනවා.
ලංකාවේ ඉන්න අපිට මේවා මොකටද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ "Game Changer" එක නිසා මුළු ලෝකයේම බල තුලනය වෙනස් වෙනවා. මීට පස්සේ කිසිම රටකට කියන්න බැහැ "අපේ ආරක්ෂක පද්ධතිය සුපිරි, අපිට ගහන්න බැහැ" කියලා. ඕනෑම ආරක්ෂිත තැනක් තත්පර ගණනකදී අළු දූවිලි කරන්න මේ තාක්ෂණයට පුළුවන්.
අනෙක යුද්ධය දැන් පොළොවෙන් අහසටත්, අහසින් අභ්‍යවකාශයටත් ගිහින් ඉවරයි. මේක හරිම භයානක තත්ත්වයක්. යුද්ධයක් දිනන්නේ සෙබළුන් ප්‍රමාණයෙන් නෙවෙයි, තාක්ෂණික දියුණුවෙන් කියන දේ මේකෙන් ඔප්පු වෙනවා.
හරි, දැන් ඔබේ හිතට ආ ප්‍රශ්න වලටත් මම උත්තර දෙන්නම්! මේ තාක්ෂණය ලෝකයේ කාටද තියෙන්නේ? ඇත්තටම මෙහෙමද වුණේ? කොමෙනි මේ බව කලින් දැන සිටියාද?
මේ ප්‍රහාරයට යොදාගත් "Air-launched Ballistic Missile (ALBM)" තාක්ෂණය ලෝකයේ ඉතාම සීමිත රටවල් කිහිපයකට පමණක් හිමි සුපිරි තාක්ෂණයක්.
ඊශ්‍රායලය ඔවුන්ගේ 'Rocks' හෝ 'Blue Sparrow' වැනි මිසයිල පද්ධති මෙවැනි ප්‍රහාර සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා. F-15 වැනි ප්‍රහාරක යානා මගින් මේවා අභ්‍යවකාශ සීමාවට මුදා හැරීමේ හැකියාව ඔවුන් සතුයි.
ඇමරිකා එක්සත් ජනපදය මේ තාක්ෂණයේ පුරෝගාමීන්. ලිපියේ සඳහන් කළ ඇලස්කා පරීක්ෂණ මගින් ඔවුන් තහවුරු කළේ ඕනෑම රේඩාර් පද්ධතියක් මගහැර සිරස් අතට කඩා වදින මිසයිල තාක්ෂණයයි.
රුසියාව සතුව 'Kinzhal' වැනි Hypersonic මිසයිල පද්ධති තිබෙනවා.. ඔවුන් මේවා යුක්රේන යුද්ධයේදී යම් ප්‍රමාණයකට භාවිත කළත්, අභ්‍යවකාශය හරහා එන මෙවැනි නිශ්චිත ඉලක්ක ගත ප්‍රහාරක් තවම එල්ල කරලා නැහැ.
චීනය සතු 'DF-17' වැනි මිසයිල Hypersonic වේගයෙන් ගමන් කළ හැකි වුවත්, ඒවාත් ගුවන් යානයක සිට අභ්‍යවකාශයට විදින තාක්ෂණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම සාක්ෂියක් තාම අනාවරණය වී නැහැ!
"ඇත්තටම මෙහෙමද වුණේ?"
ඉරානය හෝ ඊශ්‍රායලය හෝ ලෝකයේ කිසිම රටක් කිසිවිටකත් තමන්ගේ සම්පූර්ණ යුධ රහස් හෝ හානියේ ප්‍රමාණය ලෝකයට හෙළි කරන්නේ නැහැ. නමුත් චන්ද්‍රිකා ඡායාරූප මගින් කමේනි සංකීර්ණය අවට සිදුවූ නිරවද්‍ය හානි තහවුරු වී තිබෙනවා.
සාමාන්‍ය මිසයිල ප්‍රහාරයකදී රේඩාර් මගින් අනතුරු ඇඟවීම් නිකුත් වුවත්, මේ ප්‍රහාරයේදී සයිරන් හඬ පවා නිකුත් වීමට පෙර පිපිරීම් සිදු වූ බව වාර්තා වෙනවා. මෙයින් තහවුරු වන්නේ මිසයිල පැමිණ ඇත්තේ, ඔය පිංතුරයේ ආකාරයට රේඩාර් පද්ධති වලට හසු නොවන 'Vertical Re-entry' හෙවත් ඉහළ සිට කෙළින්ම පහළට ක්‍රමයට බව! මිසයිල හතක් තත්පර 30 ක් ඇතුළත වැදීම යනු අහඹු සිදුවීමක් නොව ඉතා දියුණු පරිගණක පද්ධතියක් මගින් සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාරයක්.
කලින් දන්නේ කොහොමද? මෙතනදී "කලින් දැනගැනීම" කියන කාරණය කොටස් දෙකකට බෙදිය හැකියි. ඉරානය සතු ඔත්තු සේවා සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් මගින් ඊශ්‍රායලයේ ගුවන් කලාපයේ සිදුවන අසාමාන්‍ය යානා චලනයන් ගැන යම් ඉඟියක් ලැබෙන්නට ඇත. නමුත් මිසයිල එන නිශ්චිත මාවත ඒ කියන්නේ අභ්‍යවකාශය හරහා එන එක ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ.
ඉරාන නායකයන් නිතරම තම ආරක්ෂාව සඳහා භූගත බංකර් සහ අතිශය ආරක්ෂිත ස්ථාන භාවිත කරනවා. ඔවුන් සැමවිටම සිටින්නේ ප්‍රහාරයක් අපේක්ෂාවෙන්. එබැවින් කමේනි මේ ප්‍රහාරය ගැන "නිශ්චිතව" දැන සිටියාට වඩා, "ඕනෑම වෙලාවක මෙවැනි දෙයක් විය හැකිය" යන දැඩි සූදානමක සිටි බව පැවසීම වඩා නිවැරදියි.
කෙසේ වෙතත්, ඉරාන රේඩාර් පද්ධති මේ මිසයිල හඳුනාගන්නා විට ඒවා වායුගෝලයට ඇතුළු වී අවසන්. එවිට ආරක්ෂා වීමට ඇත්තේ තත්පර කිහිපයක් පමණයි.
"ධවල මන්දිරයටත් මෙහෙම ගහන්න පුළුවන් ද?"
ධවල මන්දිරය පිහිටා ඇති වොෂින්ටන් ඩී.සී. කලාපය ලෝකයේ වැඩිම ආරක්ෂාවක් සහිත ගුවන් කලාපයයි. එහි NASAMS සහ Avenger වැනි පද්ධති ස්ථාපිත කර තිබෙනවා.
නමුත් අභ්‍යවකාශයේ සිට සිරස් අතට කඩා වදින මිසයිලයකට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මීට වඩා වෙනස් පද්ධතියකි. ඒ සඳහා ඇමරිකාව සතුව THAAD සහ Aegis BMD වැනි පද්ධති තිබෙනවා. මේවා නිර්මාණය කර ඇත්තේම වායුගෝලයට ඇතුළු වන වේගවත් බැලස්ටික් මිසයිල අභ්‍යවකාශයේදීම විනාශ කිරීමට.
ඒත් ප්‍රහාරයේ විශේෂත්වය වන්නේ මිසයිල Mach 5+ වේගයෙන් පැමිණීම. මෙවැනි වේගයකදී රේඩාර් මගින් හඳුනාගෙන, පරිගණක මගින් ගමන් මග ගණනය කර, ප්‍රති-මිසයිලයක් මුදා හැරීමට තියෙන්නේ තත්පර කිහිපයක් පමණයි. එනම්, අනතුර හඳුනා ගන්නා විට එය වැදී අවසන් වීමට ඇති ඉඩකඩ වැඩියි.
තාක්ෂණිකව බැලූ විට, කිසිම ආරක්ෂක පද්ධතියක් 100% ක් සාර්ථක නැහැ ඉරානයේදී සිදු වූවාක් මෙන්, මිසයිල ගණනාවක් එකවර අභ්‍යවකාශයේ සිට එල්ල කළහොත්, ඉන් එකක් හෝ දෙකක් ආරක්ෂක පද්ධති විනිවිද යාමට ඉඩ තිබෙනවා. නමුත් මෙහි ඇති ලොකුම බාධකය වන්නේ දුරයි.
ඊශ්‍රායලයට ඉරානයට පහර දීම සඳහා ගුවන් යානයක් සිරියාවට හෝ ජෝර්දානයට යැවීම සාපේක්ෂව පහසුයි. නමුත් ඇමරිකානු ගුවන් සීමාවට ඇතුළු වී, වොෂින්ටනයට සැතපුම් සිය ගණනක් ආසන්නයට පැමිණ, රේඩාර් වලට හසු නොවී මෙවැනි මිසයිලයක් "දියත් කිරීම" ඕනෑම සතුරු රටකට අතිශය දුෂ්කර කාර්යයක්..
මෙහෙමයි. මේ තාක්ෂණයම පාවිච්චි කරලා අපිට පුළුවන් ග්‍රහක පෘථිවියේ වැදීම වළක්වන්න, නැත්නම් මිනිස් වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වෙනත් ග්‍රහලෝක ගවේෂණය කරන්න. ඒත් අද වෙද්දී ලෝකය තෝරාගෙන තියෙන්නේ එකිනෙකා පරයා යන ආයුධ තරඟයක්! ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? මෙවැනි 'Unstoppable' ආයුධ නිසා ලෝක නායකයන් වඩාත් ප්‍රවේශම් වෙයිද, නැත්නම් වඩාත් බිය වෙයිද?

Source - Social Media (verification of the accuracy of this content is up to you)
Last edited: