🔴 රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?

රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද?

  • ආර්ථිකයේ කඩාවැටීම / බංකොලොත් වීම

    Votes: 24 39.3%
  • නීතියේ ස්වාධිපත්‍යය බිඳවැටීම

    Votes: 28 45.9%
  • වෙනත්

    Votes: 9 14.8%

  • Total voters
    61

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේ වෙලාවෙ රටේ තියෙන ප්‍රදාන ප්‍රශ්නෙ ගැනවත්
    අවබෝද නැති මිනිස්සු ඉන්නකන් බුදු සරනයි
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පළමු සහ දෙවන වරණ දෙකම අදාලයි, ඒ දෙකම එකිනෙක සම්බන්ධයි. කොහොම වුනත් මිනිස්සුන්ට වැඩිය දැනෙන්නේ සමාජ අසාධාරණය හෝ නීතිය ක්‍රියාත්මකවීමේ අඩුපාඩු නෙවෙයි බඩගින්න! කන්න නැතිව විප්ලව කරන්න බැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • එලකිරියෙ උන්ට අනුව මූ @AnuradhaRa
    මම නං ඔප්ෂන් තුනටම වෝට් කරනව
    දැක්කනෙ ඉතාලි ගිහින් සුපර්මාකට් එකෙන් හොරකං කරන හැටි

    වීඩියෝ කරල දාන්න තරං ඒක සාමාන්‍ය කරණය වෙලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලංකාවේ ප්‍රශ්නය නිසි ක්‍රියාකාරිත්වයෙන් යුතු පාලන පද්ධතියක් නැතිකම. විධායක, ව්‍යවස්ථදායකයට හා අධිකරණයට පැවරි ඇතිවැඩ ටික කරගන්න විදිහක් නැ.මුදල්ද පරිපාලනද සියල්ලෙහිම තීරක බලය තියෙන්නේ පාලන තන්ත්‍රයේ. ඒක අවුල් ජාලයක්.

    ⁣මේ අර්බුධය වැහිලා තිබ්බේ. උඩු අවේ. ආර්ථික අර්බුදය නිසා. ඒක අපිට දැනුනේ පෝලිම් හා ⁣ඩොලර් එක්ක නිසා මිනිස්සු හිතනවා ආර්ථිකය හරිනම් රට හරි කියලා. කන්න බොන්න තියනවානම් හරි කියලි.

    නමුත් කන්න බොන්න ජිවත් වෙන එක පවා තීරණයකරන්නේ පද්ධතිය විසින්.
    ඕක තේරුම් ගත්ත පිරිස අඩුයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ ප්‍රශ්නය නිසි ක්‍රියාකාරිත්වයෙන් යුතු පාලන පද්ධතියක් නැතිකම. විධායක, ව්‍යවස්ථදායකයට හා අධිකරණයට පැවරි ඇතිවැඩ ටික කරගන්න විදිහක් නැ.මුදල්ද පරිපාලනද සියල්ලෙහිම තීරක බලය තියෙන්නේ පාලන තන්ත්‍රයේ. ඒක අවුල් ජාලයක්.

    ⁣මේ අර්බුධය වැහිලා තිබ්බේ. උඩු අවේ. ආර්ථික අර්බුදය නිසා. ඒක අපිට දැනුනේ පෝලිම් හා ⁣ඩොලර් එක්ක නිසා මිනිස්සු හිතනවා ආර්ථිකය හරිනම් රට හරි කියලා. කන්න බොන්න තියනවානම් හරි කියලි.

    නමුත් කන්න බොන්න ජිවත් වෙන එක පවා තීරණයකරන්නේ පද්ධතිය විසින්.
    ඕක තේරුම් ගත්ත පිරිස අඩුයි.
    මේ ගැන ජෙප්පන්ට අමතරව එරාන් ලොක්කා කතා කරනවා දැක්කා. වෙන කිසිම එකෙක් ඕවා කතාකරන්නෙවත් නෑ